(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තහනම් කර ඇති බැවින් තහනම නොකතා ඩ්‍රෝන යානා හෝ නියමුවන් රහිත ගුවන් යානා භාවිතා කළහොත් ඒ සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගුවන් ආරක්ෂක පද්ධතියට දැනුම් දී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක සමූහ කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා පවසයි.
“මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මේකේදි අපට කිසිම දෙයක් සැහැල්ලුවෙන් සලකන්න බෑ. නීතියට පිටින් කිසිවකු ඩ්‍රෝන යානා හෝ නියමුවන් රහිත ගුවන් යානා භාවිතා කළොත් ඒවාට වෙඩි තියන්නත් සිද්ධ වේවි“ යයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරත් පැවසීය.
පාස්කු ඉරිදා සිද්ධියෙන් අනතුරුව රටේ උද්ගත ව ඇති හදිසි නීති තත්ත්වය හමුවේ ගුවන් හමුදාවේ නිර්දේශ මත, ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත ගුවන් යානා ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව තුළ පියාසර කරවීම සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහනම් කරන ලදි. එවන් තත්ත්වයක් තිබියදීත් පසුගියදා කන්කාසන්තුරේ සහ නාරාහේන්පිට යන ප‍්‍රදේශ වල ඩ්‍රෝන යානා දෙකක් පියාසර කරවන ලදි. ආරක්ෂක අංශ හා පොලිසිය එම යානා දෙකටම වෙඩි තැබුවද එ්වා පොලිස් වෙඩි පහරින් මිදී පළා ගියේය.
ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරවීම ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධ මෙහෙයුම්වලට බාධාවක් බවද ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS
තුවක්කුවක් හරි රයිෆලයක් හරි තියෙනවනම් කාට උනත් වෙඩි තියන්න පුළුවන්. ඒත් "වදින්න" වෙඩි තියන එක තමයි ප්‍රශ්නය. පහුගිය දවසකත් වෙඩි නම් තිබ්බා. ඒත් ඉතා හොදින් ඒක ආපසු ගියා.
ඔය ඩ්‍රෝන සංඥා අවුල් කළ හැකි උපකරණත් ඇටෙව්වොත් නරකද?
ඇයි ඩ්‍රෝන වලට විතරක්, මූන වහගෙන අඳුරගන්න බැරිවෙන්න ඔලුවෙන් යන ඇවිදින ඩ්‍රෝන වලටත් අදාල නීතිය ක්‍රියාත්මක කරන්න, අනිත් අය නීතිය අතට ගන්න කලින්.
රාලහාමිලාගේ වෙඩි ඩ්‍රෝන් එකට වදියිද?
මේ නිලධාරීන් කතා කරන්නේ සිතා බලා නොවන වග කියන්න ඕනෙ. පසුගිය දිනවල ගැටවික් ගුවන් තොටුපොල අසල පියාසර කල ඩ්‍රෝන යානාවලට වෙඩි තැබීමෙන් වැලකුනේ ඒ අසල සිටින කෙනෙකුට හානියක් සිදුවිය හැකි නිසා. අහසට ගිය හෙලිකොප්ටෙර්යක් වගේ දෙයක් නිෂ්ක්‍රීය වූ අවස්ථාවක ගල් ගෙඩියක් වගේ බිමට වැටෙනවා, මම කියන දෙය අවිස්වාස නම් පිටතට ගොස් උඩ බලා කෙලගසා බලන්න. මුහුණටම වැටෙන බව මම හොදාකාරව දන්න දෙයක්.
ඔව්.. තියලා දාන්නයි තියෙන්නේ. ඒත් මේක මනුස්සයින්ගේ ඔලුවලට හෝ මනුස්සයෝ ජීවත් ගෙවල්වලට වැටෙන්න ඉඩ තියන්න එපා.
කුරුල්ලන්ට වෙඩි තැබීමට බාවිතා කරන කුඩා ඊයම් බෝල රාශියක් ඇති පතරොම් බාවිතයෙන් මෙවැනි ඩ්‍රෝන පහසුවෙන්ම බිම දැමිය හැක. මහජන ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම දෙයක් අහසේදී හෝ ගොඩබිමදී විනාශ කිරීමේ වරදක් නැහැ.
වෙඩි තියන්නේ ඩ්‍රෝන යානා වලටද? නැතිනම් එව්වා යවන කෙනාටද? ඩ්‍රෝන යානා වලට නම් වෙඩි තියලා වැඩක් නැහැ, අන්තිමට පතුරොම් ටිකත් ඉවරයි, එව්වා බිමට වැටෙද්දී බිම ඉන්න කිහිප දෙනෙකුත් කම්මුතුයි, යවපු මිනිහ තව එකක් ගෙන්නාගෙන උඩ යවයි.
වෙඩි වදින්නේ නැත්නම් මොකද කරන්නේ ?