ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගෙන ආ දෝෂාභියෝගය ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
බලය අයුතු ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමඟ සබඳතාවලදී කොංග‍්‍රස් මණ්ඩලයට පටහැනිව කි‍්‍රයා කිරීම යන කරුණු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයේදී නගා ඇති චෝදනා වේ.
දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් ලැබී ඇති අතර විපක්ෂව 197 ක් ලැබී තිබේ.
ඇමෙරිකාවේ දෝෂාභියෝගයකට ලක්වු ජනාධිපතිවරුන් අතරින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තුන්වැනි ජනාධිපතිවරයා වේ.

COMMENTS
හොද දෙයක්
ගෙදර තමා ඉතින් .
අයියෝ ට්රම්ප්.............
ලෝකෙට සාමේ බෙදා... ලෝවැසි සියලු දෙනාට නත්තල් සියා මේ වසරේ තෑග්කක් දීලා.
තාම මේක සම්මත වෙලා නැහැ.
ඇමෙරිකාව අවදි වෙයි.
අපේ රටේ නම් ඔහොම දේවල් වෙන්නේ නැහැ. අපේ දේශපාලුවන් සුදු ඇඳගෙන පිරිසිදු වැඩ කරන අය නිසා ඔවුන් සිය සගයන් අතින් ආරක්ෂා වෙනවා.
බය වෙන්න එපා. මේ මන්ත්‍රී මණ්ඩලයේ තීරණයයි. ට්‍රම්ප් සෙනට් මණ්ඩලයේ ඡන්දෙන් දිනනවා. ට්‍රම්ප් කරණා වැරැද්ද නම්, අසීමිත ලෙස දේශප්‍රේමී වීමත්, "ජාතිමාමක" වීමත්, ලෝකයේ පොලිස්කාරයා නොවීමත්, සියලු කාලය තම රට දියුණු කිරීමට කැප වීමත්, තම රටේ පමණක් නොව - මුළු ලෝකයේම ආරක්ෂාවට කැප වීමත්ය. ඒ ක්‍රියාවන් හේතුවෙන්, ඇමෙරිකාව අසීමිත ආර්ථික වර්ධනයක් ලැබීමත් - විරැකියාව 3.4% දක්වා අඩුවීමත් පසුගිය වසර 3 තුළදී සිදුවිය. ඡන්දෙන් දිනන්න්න බැරි අය, වෙනත් මාර්ගයෙන් වෙට්ටු දැමීමත් - කකුලෙන් ඇදීමත් ලංකාවේ පමණක් නොව, ඇමරිකාවේත් සිදුවේ. 2019 නොවැම්බර් 16 දින, එයට නිසි පිළිතුර ලංකාවෙන් ජනතාව ලබා දුනි. 2020 නොවැම්බරයේදී ඇමරිකාවත් නැවතත් ට්‍රම්ප්ව ජනාධිපති පත්කර එය නැවතත් ඔප්පු කරනු ඇත.
දිල් ඔබ හරි, ජනාධිපති ට්‍රම්ප් හුදෙක් වැඩකරන්නේ ඇමරිකාවේ උන්නතිය සඳහා ඔහු ලොවේ පොලිස් වැඩ කරන්නේ නැත...
ට්‍රම්ප් මහතාණෙනි, ඕක කොමියුනිස්ට් කුමන්ත්‍රණයක්... අපේ විමල් මලයා විස්තර දන්නවා ඇති...