IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ට්‍රම්ප් අත්සන් කිරීමට නියමිත ඇමෙරිකා ආරක්ෂක අයවැයෙන් ලංකාවටත් අරමුදල්

ඇමරිකානු ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප් මහතා විසින් හෙට (13)  අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 700 ක ඇමෙරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් සඳහා අරමුදල් සැපයීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි චීනයේ  සී.ජී.ටී.එන් ප‍්‍රවෘත්ති සේවය අද (12) වාර්තා කළේය.

මෙම දැවැන්ත ආරක්ෂක අයවැය මගින් චීනය සහ රුසියාවට එරෙහිව ඇමරිකානු යුද බලය ගොඩනැගීමට ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුවන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ට‍්‍රම්ප්  ජනාධිපතිවරයා ගේ ආරක්ෂක අයවැයට ඉකුත් 02 වැනිදා  ඇමරිකානු මහජන නියෝජිත සභාවේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවී ඇත.

පැසිෆික් කලාපීය නාවික මෙහෙයුම්වලදී චීනය හුදකලා කිරීමට ඇමරිකාව අදහස් කරන අතර, ඇමරිකානු විශ්වවිද්‍යාල වල  විද්‍යා ආයතනවල චීන භාෂා වැඩසටහන්වලට පවා අරමුදල් කපා හැර ඇතැයි එම චීන සී.ජී.ටී.එන් ප‍්‍රවෘත්ති සේවා වාර්තා වේ දැක්වේ.

ඇමරිකාවේ ආරක්ෂක අයවැයේ මීට පෙර තේමාව වූයේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වුවත් මෙවර එය ක‍්‍රමෝපාය තරඟකාරීත්වය මත පදනම්වීම විශේෂත්වයකි. ඒ අනුව ආසියා - පැසිෆික් කලාපය කෙරෙහි ඇමරිකාවේ විශේෂ අවධානය යොමු වී ඇත.

එබැවින් මෙවර ආරක්ෂක අයවැයෙන් ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් සමඟ සමීප ආරක්ෂක සහයෝගිතාවක් ගොඩනැගීම සඳහාද මුදල් සැපයීමට කටයුතු කර ඇති බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන චීන සී ජී ටී එන් ප‍්‍රවෘත්ති සේවය සඳහන් කර සිටී.

(125)



අදහස් (4)

ට්‍රම්ප් අත්සන් කිරීමට නියමිත ඇමෙරිකා ආරක්ෂක අයවැයෙන් ලංකාවටත් අරමුදල්

සෙනෙවි Sunday, 12 August 2018 01:01 PM

කුම්බලා මාළු කාලා විඳවන්න වෙයිද?

:       158       202

Udaya Sunday, 12 August 2018 05:40 PM

අපේ ශ්‍රි ලාංකිකයො බොහෝ දෙනෙක් ඇමරිකා පුරවැසියන් වෙලා ඉන්න හින්දා වෙන්න ඇති. ඒ අතර ප්‍රභූ අයත් ඉන්නවානෙ. ඒ සැමගේ ඥාතින්ගේ ආරක්ෂාවට වෙන්න ඇති.

:       15       108

C.K.Lankaputhra. Monday, 13 August 2018 12:28 AM

මේක හොඳ වැඩක්. චීන ව්‍යාප්ත වාදය ලංකාව තුල පාලනය කල යුතුය.

:       0       0

jayantha Monday, 13 August 2018 03:56 AM

හොද දෙයක්. බලන්න චීනය සහ රුසියාව පස්සෙන් ගිහින් අපේ රට ණය ගොදුරට පත් උන හැටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site