(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතින් හෙළි කළ කරුණු ගැන සොයා බැලීම සඳහා පුළුල් බලතල ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටුශාලා අංක 08 හි අද පැවති මාධ්‍ය හමුවේදී ඒ බව පැවසුවේ මන්ත්‍රීවරයා එහිදී මෙසේද කීය.
‘‘චයිනා හාබර් ඉංජිනියර් කම්පැණිය නිකුත් කළ නිවේදනයේ කිසිම තැනක සල්ලි දුන්නේ නැහැ කියල නැහැ. නිව්යොර්ක් ටයිම්ස් වාර්තාවේ පළවු කරුණූ අසත්‍යයි කියලා විතරයි කියන්නේ.
මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.මේ ගනු දෙනුවට සම්බන්ධ පාර්ශ්ව තුනක් තිබෙනවා. චයිනා හාබර් කම්පැණිය, ස්ටැන්ඩ් චාර්ටඩ් බැංකුව සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ චෙක්පත් නිකුත් කර තිබෙන්නේ ස්ටැන්ඩ් චාර්ටඩ් බැංකුවයි. එහෙම නම් මේ කම්පැනියේ ගිණුමක් අපේ බැංකුවේ නැති බවත් අප ඒ ගිවිසුමට අදාළව චෙක්පත් නිකුත් කර නැති බවත් ඒ බැංකුවට කියන්න පුළුවන්.
හිටපු ජනාධිපතිතුමා මේ ගැන නඩු දානවා කියලා තියෙන්නේ මේවා ගැන පළ කරපු ලංකාවේ මාධ්‍ය ආයතනවලට මිස නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට නෙවෙයි. එමගින් එතුමා කියන්නේ මේවා ලංකාවේ පළ කරන්න එපා කියලයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාව කා දැමීමක්
ඉස්සෙල්ලා තමුන්ගේ පක්ෂේ ඉඳන් අැලෝසියස්ගෙන් සල්ලි ගත්තු අය ගැන හොයන්න !
ඕවා දැන්ම කරන්න බැහැ.. මේ දවස්වල තාම යන්නේ විජයකලා නාට්‍යය .. ඉවසලා ඉන්න.
බැඳුම්කරේට ඉතා ඉක්මණින් කොමිසම් දාපු හා බෙරිහන් දුන් සමහර දෙනා මේ සම්බන්ධයෙන් කසාය බීපු ගොළුවන් වගේ නිහඬව සිටීම හරිම පුදුමයක්... බැඳුම්කර වංචාවට මෙන්ම මෙයාටත් එකසේ දඬුවම් කළ යුතුයි.
ජෝන් එළිකළ රහස ගැන එපාද? රෙජීම් චේන්ජ් එක්ස්පෙන්සස් ....
ඔය ටිකම තමයි අපේ සිරිසේන ජනාධිපතිතුමා එතුමාට මහවැලි ඇමති කාලයේ අල්ලස් දුන්නා කියන ඕස්ට්‍රේලියානු ස්නෝවී මවුන්ටන් ඉංජිනේරු සමාගම ගැනත් ඕස්ට්‍රේලියාවේ සිනි මෝර්නින් හෙරල්ඩ් පත්තරේ කිව්වේ. සිරිසේන ජනපතිතුමා කතා කරා ඕස්ට්‍රේලියාවේ මාධ්‍යට නඩු දාන්නත්, ඒ වුණාට ඔවුන් නම් කිව්වේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ වෙච්ච සිද්ධියක්. මොනවා වුනත් ස්නෝවී මවුන්ටන් සමාගමටත් ලෝක බැංකුව තහංචි දැම්ම ලංකාවේ සහ කොංගෝවේ ජනාධිපතිලා ඔවුන් ඇමතිවරු කාලේ අල්ලස් දුන්නට. ඒ නිසා දැන් ජනාධිපති සහ හිටපු ජනාධිපති දෙන්නගෙම කෙරුවාවල් බලන්න එක පාරම ජනාධිපති කොමිසමක් දාමු.
ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින බවට 85%ක විශ්වාසයකින් මෙම පත්තරය ප්‍රකාශ කරද්දීත් ට්‍රම්ප් බලයට පැමිණියේ යම්කිසි වංචාවකින්දැයි කියා සොයා බැලීමටද කමිටුවක් පත් කරමු.