(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන් කිහිප දෙනෙකු විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඝාතනය කර ආගම් බේදයක් ඇතිකිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ලද පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අද(31) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත කුමාර විතනාගේ මහතා විසින් පොලිස්පතිවරයාට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය තම කොට්ඨාසය වෙත භාරදී ඇති බවත්, සිරගතව සිට පැමිණී පුද්ගලයකු විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට අදාළව මෙම පැමිණිල්ල ලැබී ඇති බවත් එම කොට්ඨාසය වැඩිදුර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුනු ඉදිරිපත් කර ඇත.
එසේම, මෙම සිරගතව සිටි පුද්ගලයා විසින් ඉකුත් 2015 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරයකු වෙත රහස් ප‍්‍රකාශයක් ද ලබා දී තිබූ අතර, බන්ධනාගාරය තුළ සිට අපරාධකරුවන් විසින් අපරාධ මෙහෙයවීමට අවස්ථාව සලසා දෙන්නේ බන්ධනාගාර නිලධාරීන් බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරිම සඳහා මෙම ලිපිය යොමු කර තිබූ බවටත් එහි සඳහන්ව ඇතැයි පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පාතාල සාමාජිකයින් අතර ගැටුමක්වත් ඇවිල්ලද?
මොන විදියකින් හරි මෙම ස්වාමීන් වහන්සේට යම් අනතුරක් වුණොත් අන්න එදාට පසු ලංකාවේ ඉන්න සිංහලයන්ට තේරේවි ඔවුන්ගේ අනාගතය කුමක් වේවිද කියා...? සිංහලයන්ගේ ප්‍රශ්න කතාකරන්න කොන්ද පණ තියෙන නායකයෙක්ගේ අඩුව එදාට තේරේවි. නමුත් එදාට ප්‍රමාද වුණා වැඩිවේවි. ජාතිය වෙනුවෙන් අවදානමකින් කටයුතු කරන උන්වහන්සේ ආරක්ෂා වේවා.!!!
එවැනි අවාසනාවන්ත විපතක් සිදු වුවහොත් එදාට මම ගන්න තීරණය මට කිව නොහැක්කේ 83-87 කණ්ඩායම මියගිය බැවින් අද තනි වූ මහල්ලෙක් නිසා. එවැනි සිද්ධියක් සිදුවුවහොත් සිංහල අයිතිය වෙනුවෙන් සටන් කල භික්ෂුන් වහන්සේ නම වෙනුවෙන් ගත යුතු තීරණය ගැනීම අද නියම සිංහල තරුණ පිරිසට බාරයි.
මේ හාමුදුරුවෝ බුද්ධාගම සහ සිංහලයා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම, බුදුපිළිම වලට කරන හානිය ගැන කතා කිරීම, දිඝවාපියේ ඉඩම් කොල්ලකන එක ගැන කතාකිරීම වැරදිද? කෝ එතකොට ජනපතිට උතුරට එන්න එපා කියලා තර්ජනය කරන උතුරේ දේශපාලකයන්ට නම් නිතිය ක්‍රියාත්මක කරනවා.
ඔව් ඇත්තටම ඉතින් ... බොරු වීරයො තමයි බයවෙලා ඉන්නේ...
බුදු දහමත්, බෞද්ධ උරුමයත් ගැන කතා කරන්නන්ටත් ජීවිත අවදානම් එල්ල වීම නම් ඉතා ශෝචනීයයි.
ඔබවහන්සේගේ ආගමික නායකයන් ආරක්ෂා කර ගන්න. ඒක ඔබවහන්සේගේ යුතුකම වෙනවා. එහෙම නොකළොත් ඔබවහන්සේත් අමාරුවේ අපිත් අමාරුවේ...
ඔබ වහන්සේට ජීවිත තර්ජන ආවේ මීට ගොඩ කාලෙකට කලින්....අපේ සිංහලයා ඔබ වහන්සේගේ ජීවිතය අවදානමේ තියෙන හැටි දැක දැක නිහඬව ඉන්න එක ගැන ඉතා කණගාටුයි. ඒ වෙනුවෙන් හඬක් නගන ලංකාදීපයට ගොඩක් පින්...!!!
මේ හාමුදුරුවෝ රැක ගත යුත්තේ සිංහලයා පමණක් නොව මුස්ලිම් අයද මොහුව රැකිය යුතුය.
මුළු රටේම බොදු අයිතීන් සුරැකීමට අපමණ වෙහෙසක් දරන, නිර්භීතව සිය අදහස් දක්වන, ඥානසාර හිමි ඝාතන ප්‍රයත්නය සුළුකොට තැකිය හැක්කක් නොවේ!!! වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා, සැක කටයුතු පුද්ගලයන් අත් අඩංගුවට නොගත්තොත් ළඟදීම අපේ ශ්‍රී ලංකාවෙත් ඊජිප්තුව වැනි රටවල පවතින අන්දමේ ආගමික ප්‍රශ්න ඇතිවීම නොවැලක්විය හැකි කරුණක් වෙනු ඇත. ඥානසාර හිමියන්ට සිය අදහස් පලකිරීමේ නිදහසත්, පුර්ණ ආරක්ෂාවත් සැලසීම රජයේ වගකීමක් වෙනවා.
ජාතියේ හා ආගමේ මුර දේවතාණෙනි..., ඔබට තෙරුවන් සරණයි..!!!
අන්තවාදීන් එදා දීඝවාපිය පුජභුමිය ඩෝසර් කර මුස්ලිම් ජනපද පිහිටවන විට චන්ද්‍රිකා මැතිණිය නිශ්ශබ්දව සිටියා... මුස්ලිම් චන්ද නැතිවෙයි කියල හිතල. මේවාට නීතිමය පියවරක් මහින්ද මහත්තයලාවත් ගත්තේ නැහැ. ඒ වුණාට වර්තමාන ජනාධිපති හෝ අගමැති ඒවා දිහා හැරිලා වත් බලන්නේ නැහැ. ඉතින් අපේ රටට මොනවා නොවෙයිද? ඒ වුණාට ඒවා ගැන කතා කරන හාමුදුරුවන්ව අත් අඩංගුවට ගන්නයි හැමෝම උත්සාහ කරන්නේ....
දේශපාලකයිනි මුදලට රට පාවා දෙන්න එපා. කහ සිවුරක තියන ගාමිභීරත්වය නැති කර සංඝයා වහන්සේලා සිරගත කරන පව ගෙවා ගන්න ආත්ම ගානක් ගිහින්වත් බැහැ. එදත් රට ආරකෂා කලේ සංඝයා වහන්සේලා. අදත් එහෙමයි. මෙතරමි රටතුල අන්තවාදීන් බිහිවී සාමාන්‍ය ජනතාව බිල්ලට ගනිද්දී ඇස, කන වහගෙන ඉන්නේ නැතුව පිලියමි යොදන්න පස්ස ගහන්නෙ ඇයිද කියල නොතේරෙන එක හරිම පුදුමයක්.... ?
අපේ රටට මේ වගේ ගංවතුර ඇවිල්ල දුප්පත් අහිංසක මිනිසුන් මැරෙන එකයි ස්වාමීන් වහන්සේලා සිරගත කරන එක විතරයි වෙන්නේ...
හාමුදුරුවෝ අපි බේරාගමු එකතුවෙන්න