(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (12) සිට සිව් දින වැඩවර්ජනයක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇත.
ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලිය හෙට (12) යාපනය සහ තිස්සමහාරාමය යන දිස්ත්‍රික්ක වලින් ආරම්භ කිරිමට නියමිත අතර එය දින හතරක් පුරා ගමන් කර 15 වැනි දා කොළඹට ළඟාවීමට නියමිතය.
ඒ අනුව රථ පෙළපාලියට සහය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු යාපනය, ත්‍රිකුණාමලය,මඩකලපුව, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වැඩවර්ජනයේ නිරත වන බව වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
වවුනියාව,මාතලේ,අම්පාර,බදුල්ල,මොනරාගල සහ මාතර දිස්ත්‍රික්කවල 13 වැනි දාත් අනුරාධපුරය, කුරුණෑගල,මහනුවර,රත්නපුර, සහ ගාල්ල දිස්ත්‍රික්කවල 14 වැනි දා වැඩ වර්ජනය සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරමුණ ඉතා පැහැදිලියි. බලය අඩු පෙදෙසෙන් පටන් අරගෙන බලය සිටින තැනින් අවසන් කර බොරුවට දින හතරක් පෙන්වීම. ඔබලත් ඔය වැනි පහත් තත්වයකට වැටෙයි කියා ජනතාව කිසිවිටක බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මේ වැඩේ හින්ද දොස්තර වරුන් තමන්ගේ ගරුත්වය පලුදු කරගත්තා. මහජන මුදලින් ඉගන ගත්ත දොස්තරලා මෙහෙම අහිංසක මිනිස්සුන්ට දඬුවම් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.
වැඩ වර්ජනය කරන අය සේවයෙන් නෙරපා අරින්න. නොකරන අයගේ පඩිය දෙගුණ තෙගුණ කර අවශ්‍ය සේවය ලබාගන්න. හමුදා වෛද්‍යවරු සේවයට කැඳවන්න. ඉන්දියාවෙන් හමුදා වෛද්‍යවරු ගෙන්වා ගන්න. මේ කුහකයින්ට වෙන පිළිතුරක් කවදාවත් තේරෙන්නේ නැහැ.
ඔය රථ පෙළපාලියට මහජනතාව නිසි ප්‍රතිචාර දක්වනු ඇත.
සියලු වර්ජන සාර්ථක වේවා. ජාතිය පිබිදේවා. සයිටම් වැසී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සයිටම් දරුවන්ටත් රජයේ විශ්ව විද්‍යාල අනුයුක්තයක් ලැබේවා. සියලුම දරුවන්ටත්,දරුවන් වෙනුවෙන් වෙහෙසෙන සියලුම දොස්තර මහතුන්ටත් අනිකුත් සහබාගි වන්නටත් ආරක්ෂාව ලැබී සටන ජයගනිවා.
ආණ්ඩුවේ මන්දගාමී පිළිවෙත මේ දොස්තරලා තමන්ගේ වාසියට යොදාගෙන. ඇයි්? රෝහල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් නොකරන්නේ?
රථ පෙළපාලියට ජනතාව ප්‍රතිචාර දක්වාවි. ජනතාවට ජයවේවා..... වර්ජකයින් දොට්ට දමන ලෙස බලකරමු.
රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉක්මනින් ඇතිකිරීමට අවසර දිය යුතුයි. එහෙත් සියලුම සිසුන් සඳහා එකම අවසාන විභාගයක් පැවැත්විය යුතුයි.
GMOA එකේ ඉන්න හොර රැල එලවල හොඳ ගුණගරුක දොස්තර වරුන්ගේ ගෞරවය රැක ගනිමු. මේ බොරු දේශපාලන වර්ජන වලට එක්වෙන්නේ නැතුව සේවයට පැමිණ මහජන ගෞරවය දිනා ගන්න.