පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ගැන සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ගැන සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.
COMMENTS
අගමැති ඉල්ලා අස්විය යුත්තේ පක්ෂ ආයකත්වයෙන් පමණකි. අවුරුදු 2ක් එතුමා අගමැතිකමේ හිටියාට කමක් නැහැ. හොරු එලවමු.
දැන් ඉතින් ඔය දේශප්‍රේමී ඇමතිවරු ඔබතුමාගේ ගුණ ගායනාකිරිම නවත්තලා බුරුතු පිටින් පනී
අරයා හොරා... මෙයා හොරා කියලා වේදිකාවේ කිව්වට වැඩක් නෑ. ඔබතුමාගේ නොහැකියාව මුළු රටම දන්නවා... ඔබතුමාට රට හදන්න තියා පක්ෂය හදා ගන්න වත් බැරි වුණා.
ඔන්න දැන් ඔබ සියල්ලන්ටම මිනිස් වෙසින් සිටින "කාලකන්නි" හොඳින් දැක ගැනීමේ වාසනාව උදාවී ඇත.
ජනතා විශ්වාසය පදනම් කරගත් මහින්දගේ ජයක්.
මොනවා දේශනා කරන්නද ඔබතුමා ඒ අයට එන්න කිවුවේ? ඔබට වගේම ඔවුන්ටත් මහජනයා, ඡන්ද දායකයින් කතිරයෙන් කියපු දේ පැහැදිලි මදිද? ඔබට කියන්න විශේෂ දෙයක් ඡන්ද දායකයන් ඉතුරු කරලා නැහැ. දැන්වත් හොරුන්, දූෂිතයන් රැකීම නවත්වන්න. ඒ අයට දඬුවම් දෙන්න. ඒක තමා ඔබෙන් රටම බලාපොරොත්තු වූ පණිවුඩය.. ඒකම තමා ඔබ රටට නොදුන් දෙය!
ඉරිදා උදේපාන්දර කාල්ටන් පැත්තේ කරගහපු අයටත් එන්න කිව්වද?
ඔය රැස්වීමේදී පොරොන්දු වුණ "රටට දැනෙන වෙනසක්" කරන්න කලින් කරන්න පොරොන්දු වුණ ඒවාට වගේ අවුරුදු තුනක් නම් ගන්න එපා
2018.02.12 පත්තරෙන් දැක්කට පස්සේ තීරණය කරන්න .....
ගරු ජනාධිපතිතුමනි. මෙම පරාජය පාඩමකට ගනු ඇතැයි සිතමි. ඒ මොකද එහෙම කියන්නේ ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එලියට එනවිට ඔබ ලගින්ම හිටපු ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම {මේ මොහොතේත් ඒ අය ඔබ ලගයි ඉන්නේ } ශ්‍රී ලංකික ජනතාව විශේෂයෙන් සිංහල ජනතාව එදත් අදත් හෙටත් ප්‍රතික්ෂේප කරපු අය, හේතුව ඒ ප්‍රතිපත්ති ඒ අයගේ එදා සිට අද දක්වාම අගේ තියනවා. ඒවානම් උතුරට සම්පුර්ණ බලතල දිය යුතුයි, ආගම් එක සමාන විය යුතුයි, අලුත් ව්‍යාවස්ථාවක් ගෙනත් පුර්ණ බලතල උතුරට දිය යුතුයි උතුරෙන් හමුදාව ඉවත් කල යුතුයි, ජනාධිපති බලතල අහෝසි කල යුතුයි සහ තවත් ඒවා, මේවා දෙන්න ශ්‍රී ලංකික ජනතාව විශේෂයෙන් සිංහල ජනතාව කැමති නැති වග මතක තබා ගන්න, ද්‍රවිඩ මුස්ලිම් අපි සියලු දෙනාම එදා හිටිය වගේ එකට ජිවත් වෙමු සිංහල ජනතාව කිසිම ජාතියක් පහත කරලා සලකන්නේ නැහැ, එම නිසා ඔබ ලගින්ම දැන් සිටින ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ අය කියන විදිහට තීරණ ගත්තොත් ඔබට ඉදිරියේදී පරාජය නියතයි, එහෙම නැතුව හරි තීරණ අරගෙන නියම දේශප්‍රේමීයෙකු ලෙස මට පෙර රට ලෙස තීන්දු ගන්න. සිංහල ජනතාව අමනාප කර ගන්නා මේ රටේ මොන ජගතාටත් පරාජය නියතයි,
හොරු රැකීමේ හා ගොවියාට කෙළවීමේ ඵලය තමයි.
40% ජන්ද පළාත් මැතිවරණයෙන් ලබා ගැනීම මහින්ද ලබාගත් ජයග්‍රණයක් නොව ජනතවට තම ආවේගය පිටකිරීමට වෙන දේශ පාලන ඉස්ථාවර පක්ෂයක් නොතිබීම නිසා බුද්දිමත් ශ්‍රී ලාංකිකයන් අතින් සිදු වූ ඉස්තනොචිත සිය දිවි නසා ගැනීමකි.
ජනපතිට කියන්න ඕන ක්‍රම වේදය තුලින් අප මෙය පෙන්වා දුන්නා. එසේම වත්මන් පාලනයට හා ඔවුනගේ ජයට හේතුවු කරුනුද අප පෙන්වා දුන්නද ජනතා අපේක්ෂතාවයන් නිවැරිදිව හදුනා ගන්නට හා ජනතාව වෙනුවෙන් අප ඉදිරිපත් කරන අදහස් ක්‍රියාත්මක කරන්නටද වත්මන් පාලකයන් පියවර නොගැනීමද තවත් හේතුවකි.
අවුරුදු 2 2/1 රස්තියාදුවෙලා ඡන්ද තිබ්බ එකේ ප්‍රථිඵලය තමා අණ්ඩුවට වැරදුනේ
ජනාධිපතිතුමනි, දැන්වත් පියවි ලොවට පිවිසෙන්න. කේවට්ටයින් හඳුනාගෙන ඔබතුමා ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන්න. හොරුන්ට නිසිදඬුවම් දෙන්න. තවත් ප්‍රමාදවීමට කාලයක් නැත.
හොරු අල්ලන්නේ නැතුව හිටපු එක තමයි හැම එකටම මුල...