(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල නිවස වටලා කුඩු කරන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දුරකතනය මගින් තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළ එම ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත අද (24) කරුණු වාර්තා කර ඇත.
භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් හදුන්වා දෙමින් ‘ජනාධිපතිතුමා තම්බින්ට හා දෙමලූන්ට කත් අදින පුද්ගලයකු බවත් අද දින රාතී‍්‍ර ජනාධිපති නිල නිවස හාමුදුරුවන් සමග වටලා කුඩු කරන“ බවට සදහන් කරමින් මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත ලබා දී තිබුණේ ඉකුත් 23 වැනිදා බවට එහි ස්ථානාධිපතිවරයා විසින් කුරුදුවත්ත පොලීසිය වෙත පැමිණිලි කර තිබිණ.
මෙම ලබාදී ඇති දුරකතන පණීවිඩය අනුව යම් සිදුවීමක් සිදුවුවහොත් ජාතික සංහිදියාවට බාධාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් මේ දුරකතන පණීවිඩය ලබා දී ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සහ ජාතිවාදය අවුස්සන කල්ලියක අයකු ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මෙහිදී කුරුදුවත්ත පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
COMMENTS
සහජීවනය ඇතිකිරීමට නම් සිංහල බෞද්ධ රටක සුළුජාතීන් ජීවත් වියයුතු ක්‍රමය ඔවුන්ට කියා දිය යුතුය. ඉතාලියේ, ප්‍රංශයේ, එංගලන්තයේ අප ඇතුළු සියලු විදේශිකයෝ ජීවත් වන්නේ ගෞරවනීය සුළුජාතිකයන් හැටියටයි. ඉතාලි පාපන්දු තරඟවලදී ගිරිය කඩාගෙන ඉතාලිය වෙනුවෙන් කෑ ගසන අපි බොහොම අගේට පන්සල් ආදියද පවත්වාගෙන පෙරහැර වීදි දිගේ යනවිට ඉතාලි ජාතිකයෝද පොර කකා ඒවා නරඹනවා හරිම විනෝදයෙන්. ඒ අපිට ඔවුන්ගේ ඉතාලි කතෝලික රටේ සුළු ජාතියක් හැටියට ඉන්න තරම් විනයක් ඇති නිසයි. ලංකාවේද විය යුත්තේ මෙයයි.
රටේ නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. වැරදි කරුවන්ට දැඩි දඬුවම් දියයුතුයි.
අනිවාර්යයෙන්ම මේක පොලිසිය නොමග යවන්න, කොටවන්න කරපු වැඩක්...
සීංහල දමීල හෝ මුස්ලීම් කීයා බලන්නේ නැතුව ජාතීවාදී ආගම්වාදී අදහස් කෙටවිළි උසී ගැන්වීම කරන අයට ඉහළම දඩුවම් දෙන්න
ළුවනි නම් කරලා බලන්නකෝ. අපේ ආණ්ඩුව හා ජනපති රැක ගන්න ඕන තරම් ජනතාව ඉන්නවා. මතක තියාගන්න හොදයි [ හැට හතර ලක්ෂයක් ඉන්නවා ]
පිටිගලට අයියට මම අකමැති වුනත් ඉහත ඔහු කියා ඇති දේ අනුමත කරනවා. විය යුතු වන්නේ එයයි.
කලකට ඉහත දී දැන් පාර්ලිමෙන්තුවේ ඉන්න කෙනෙකුත් ප්‍රසිද්ධියෙම ඔය විධියට වටලන්න කතා කරා නේද? එයාට විරැද්ධව ගත්ත පියවර මොකක්ද?
මොන සංහිදියාව තිබ්බත් වැඩක් නැහැ ජාති ආගම් වශයෙන් මේ මිනිස්සු කල්ලි ගැහිලා ඉන්නවනම් විය යුත්තේ සිංහල දෙමල මුස්ලිම් බේදයකින් තොරව එකිනෙකා වැළදගෙන ශ්‍රී ලාංකික කියන හැගීමෙන් කටයුතු කිරීමයි.