(නිමන්ති රණසිංහ)
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වු චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිතා කරමින් සහනයක් ඉල්ලා බැංකුවට ලිපියක් යොමුකර කූට ලේඛන සකස් කළැයි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ මව ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (17) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බාරයට පත් කරනු ලැබුවේ කමනි රේණුකා රාවණාඇල්ල සහ ව්‍යාපාරියකු වු විමුක්ති කරදව යන අය වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නෙවේ කිව්වද දන්නේ නෑ...
පුදුමයි මේ ජෝඩුව " ජනපති තාත්තාගේ " අත්සන හොරට ගහලා මීටත් වඩා විශාල සපෝර්ට් එකක් නොඉල්ලපු එක ගැන ! ප්‍රබල දේශපාලන නායකයන්ගේ අත්සන් පවා හොරට ගහලාකූට ලේඛන සකස් කරපු දේශපාලකයෝත් තවමත් නිදැල්ලේ ඉන්න මේ රටේ ඔය නඩුවත් නිකම්ම ශේප් වෙලා යාවි. බයවෙන්න එපා, හෙටම ඇප ලැබිල ගෙදර යන්න පුළුවන් වේවි....!!!
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වු චතුරිකා සිරිසේන මහත්මියගේ නිලය මොකක්ද?
අර වැල්ලවත්තේ උත්සව ශාලාවකට අවුරුදු 30ක් තිස්සේ හොරාට ජලය ගත් නිසා අත්අඩංගුවට ගත් මහා ව්‍යාපාරිකයාගේ නම මාධ්‍ය වාර්තාවල පල කලේ නැහැ. අයි මෙහෙම දෙවිදියකට සලකන්නේ? පොඩ්ඩන්ට අසාධාරණයක් නේද?
මේ කතා එතරම් ගණන්ගත යුතු නැහැ. මේවා වැටෙන්නේ 'අහුවුණොත් බුවා නොවුනොත් එබුවා' ගණයටයි.
තමන්ගේ බලතල පවුලේ සාමාජිකයින්ටත් දෙන්න ගියාම ඔවැනි දේවල් වළක්වන්න බැහැ.