IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ජනපති කෙරවලපිටියේ විදුලි බලාගාරයට මුල්ගල තියයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
වත්තල කෙරවලපිටියේ දී ඉදිකරන කසල වලින් විදුලිය නිපදවන විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු කැරිණි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාශය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය කොරියානු සමාගමක් සමඟ එක්ව දියත් කරනු ලබන්නේ ජී එස් පී වේස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම සහ ඊ එම් එල් කන්සල්ටන්ට් පෞද්ගලික සමාගම විසිනි. මෙය රුපියල් බිලියන 1200කට ආසන්න ආයෝජනයකි.

කසල මෙට්‍රික් ටොන් 700 ක ධාරිතාවක් ඇති මෙම බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 240 ක් විදුලිය එකතු කෙරෙනු ඇත. 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය , මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු මහත්වරු ඊට සහභාගී වුහ.
 

 



අදහස් (8)

ජනපති කෙරවලපිටියේ විදුලි බලාගාරයට මුල්ගල තියයි

Jayatissa Thursday, 10 August 2017 10:21 AM

දැන් කුණුවලට පොරකන්න එපා.

:       0       0

raveendra Thursday, 10 August 2017 10:48 AM

නැවතත් අප හට කීමට ඇත්තේ මුල්ගල් තැබීමට උනත් මොනතරම් මහජන මුදල් නාස්තියක් කර ඇද්ද ??? මිනිස් පැය කොතරම් ප්‍රමාණයක් නිකරුනේ නාස්තිකාර ඇද්ද ???? නැටුම් ගැයුම් යන වාහන ඉන්දන මේ හැම එකක්ම ඔබගේ මගේ අපගේ මුදල් නොවේද ?? අවට සිටින කපටි සිනහවකින් මුව සරසාගෙන සිටින දේශපාලකයන් මේ හැමදෙයක් ම තම නාමය ප්‍රසිද්ධ කරගැනීමේ අරමුණින් හැර ජනතාවට සේවයක් කිරීමට නොවන බව ඉතා පැහැදිලිය.මින් පෙර බලයේ සිටි දේශපාලකයන් ද මෙලෙසම අපගේ මුදල් කාබාසිනියකර ඇද්ද ? මා ජිවත් වන රටේ මෙවැනි මෝඩ මුල්ගල් තැබිම්වත් විවුර්ත කිරීමවත් කිසිදිනක දැක නැත.තවද කිසිම දේශපාලකයකුගේ නම් ගම් යොදාගෙන නැත.අපේ මුල් පුරවැසිය මෙය කියවා බලාඅදහස හිතට ගෙන ක්‍රියාකිරීම ඔහුගේ දේශපාලන පැවැත්මට හොදින් බලපානු ඇත .

:       0       0

kumar (galf) Thursday, 10 August 2017 11:46 AM

මේකත් විහිළුවක්ද දන්නේ නෑ... නොරොච්චෝලේ වගේ.

:       0       0

athura Thursday, 10 August 2017 12:41 PM

අවුරුදු දෙකටම මොනවද කලේ කියල අහන කවුරුත් මේකට අදහස් දාන එකක් නැහැ.මොකද මේක මහා සංවර්දනයක් නෙමෙයි නේ.

:       1       1

පෙරේරාFriday, 11 August 2017 08:40 AM

මේක බලෙන් නැව් හරවා එවන වරායට හා ප්ලේන් එන්නැති එයාර්පෝට් එකට වඩා කාලීන, මුදල් උපයන හා ඵලදායි වැඩක්...

:       1       120

kapila Thursday, 10 August 2017 04:30 PM

සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි කියන අර්ථය මේකෙන් පේනවා. පාටලී ඇමතිතුමා මේ දක්වා භාරගත් වැඩ හරියටම කලා.

:       841       1032

Lapaya Friday, 11 August 2017 03:58 AM

හොඳ වෙලාවට මෙතන ගල් අඟුරු නැත්තේ

:       51       0

arunalu Friday, 11 August 2017 04:50 AM

රණවක ඇමතිතුමා දක්ෂයෙක්, එතුමාගෙන් පුළුවන් තරම් වැඩගන්න ජනාධිපතිතුමා උත්සහ කරන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1315 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site