IMG-LOGO

ජනපතිතුමා සැහැල්ලූවෙන් කී කථාවක් දුරදිග ගිහින් - කම්කරු ඇමති

(විනීතා එම් ගමගේ)

‘‘ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමෙදි බොහොම සැහැල්ලූවෙන් කියපු කථාවක් දුරදිග ගිහින්. මේ වර්ජන රැල්ල ගැන කථා කරද්දි එතුමා විහිළුවට අහල තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයාට බැරිද මේ වැඩේ පාලනය කරන්න කියලා. එහෙම කරන්න ජනාධිපතිතුමා හීනෙන් වත් හිතල නැහැ.’’ යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

“මම කැබිනට් රැස්වීමට ගියේ නැහැ. මේ ගැන මාධ්‍යවලින් දැනගත්තම මම ජනාධිපතිතුමා හමුවුණා. එය තමා විහිළුවට කී කතාවක් බවත් කිසිසේත්ම එවැනි දෙයක් කරන්නට නොසිතු බවත් ජනාධීපතිතුමා කිව්වා.’’ යැයි ද සෙනෙවිරත්න මහතා කීය. සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

‘මේකෙන් දේශපාලන අවුලක් හදාගෙන සමහර පක්ෂ මැයි දින රැළිවලට මේක දඩමීමා කරගෙන තියෙනවා කියලා පෙනෙනවා. මේක කියල බය කරල ගෝල්ෆේස් පිටියට ජනතාව අදින්නත් සැලසුම් තියෙනවා. ’’

‘‘කැබිනට් ප‍්‍රකාශක කියන දේ වගකීමෙන් කිව යුතුයි. එය වෙනස් වෙන්නේ නැහැ. රාජිත ඇමතිවරයා මේ කථාව කිව්වා නම් ඒ ගැන එතුමාත් සලකා බැලිය යුතුයි. ආණ්ඩුවේ බලධාරිනුත් ඒක සළකා බැලිය යුතුයි’’ යැයි ද අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (27)

ජනපතිතුමා සැහැල්ලූවෙන් කී කථාවක් දුරදිග ගිහින් - කම්කරු ඇමති

Pradeep Liyanage Friday, 28 April 2017 11:53 AM

ඇමති මණ්ඩලේ එක එක්කෙනා එක එක කතා කියනවා. තලතා අතුකෝරල මහත්මිය එකක් කියනවා, සරත් ෆොන්සේකා මහත්තයා තව එකක් කියනවා. දැන් ඒ පාර මෙයා තව එකක් කියනවා. මැයි රැලියට සෙනඟ නැති වෙයි කියලා බය හිතිලද දන්නේ නෑ.

:       2       78

Lakvidu Friday, 28 April 2017 11:56 AM

මරු ... සැහැල්ලුවක්නෙ...

:       1       32

nuwan Friday, 28 April 2017 12:03 PM

මේක පුදුම ආණ්ඩුවක් එක එක්කෙනා එක එක කතා කියනවා. හරියට මොන්ටිසෝරි ළමයි වගේ... මට නම් පිළිකුල් මේ ආණ්ඩුව...

:       5       515

විකුම් Friday, 28 April 2017 12:10 PM

එත් ඒ අදහස් ඉදිරිපත් වුනේ කැබිනට් ප්‍රකාශකගේ මාධ්‍ය සාකච්ඡාවේදී නේද!...ඊට වඩා වැඩි දෙයකුත් එහිදී කියවුණා. 'තෙල් ටැංකි අවුරුදු සිය ගණනක් තිස්සේ නිකන් පවතින බවත්, ඒවා තව දුරටත් පරණ කරමින් ථූපාරාමය, අභයගිරිය වගේ වන්දනා කරන්නද? මේ තෙල් ටැංකි තියාගන්න හදන්නේ කියලත්' සිනා මධ්‍යයේ ඇසුවා. සැබවින්ම එය බෞද්ධයන්ට කල සරදමක්....ඒ ගැනත් ජෝන් ඇමති තුමාගේ අදහස ඉදිරිපත් කලා නම් කොතරම් හොඳද? !

:       7       207

susil Friday, 28 April 2017 12:24 PM

ජනාධිපති සැහැල්ලුවට කීවට කමක් නැහැ. ඒ කියපු වැඩය ඇත්තටම ක්‍රියාත්මක කරන්න. දැන් ජනතාවට උද්ඝෝෂණ තිත්ත වෙලා. JVP යේ, GMOA එකේ, විශ්ව විද්‍යාලවල ඉන්න JVP යේ අතකොලු සිසුන්ගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ රංගන දැන් ජනතාවට ඇතිවෙලා. මේ විදියට ගියොත් රටේ ආර්ථිකය තව අවුරුද්දකින් සුනේ සුන්. එදාට දුක් විඳින්න වෙන්නේ හැමදාම දුක් විඳින පිඩිත මිනිස්සුන්ටමයි. ෆොන්සේකාට ඇවිත් අපට සුර සැප දෙන්න බැහැ. නමුත් අඩුගානේ දේශපාලන අරමුණු පෙරදැරි කරගත් උද්ඝෝෂණ ටිකවත් නවතීවි.

:       651       591

නන්දාවතී Friday, 28 April 2017 12:41 PM

"සුභ සහ යස" මතක්වෙනවා.

:       0       32

sisira paris Friday, 28 April 2017 12:44 PM

ඇත්තට කියපු කතාව දැන් බොරුවෙලා. කම්කරු අයිතිය සුරකින්න හා ප්‍රජාතන්ත්‍ර වාදය සුරකින්න වෙනම ඒකකයක් හදල අනාගන්න හදන්නේ මහජනතාව මර්ධනය කරලා ආණ්ඩු කරන්න බෑ. රටේ හැම පුරවැසියකුටම අයිති තාවකාලිකව ඡන්දෙන් පත්වෙලා එන දේශපාලකයන්ට අවශ්‍ය විදියට නටන්න බෑ. හැමදාම රජකන්නත් බෑ. හමුදා රජයක් කරන්න වගේ කල්පනාව පරාජිතයෝ දමාගෙන රට කරවන්න හදන්නේ...

:       0       41

vipula Friday, 28 April 2017 12:50 PM

කොහොමත් මේ ආණ්ඩුව අාපු දවසේ ඉඳල සැහැල්ලුවෙන්නේ ඉන්නේ කරන දෙයකුත් නැහැ. රටේ තියෙන දේපොළ විකුණ විකුණ ඉන්නවා . කැබිනට් කියන වචනේ තේරුම දන්නේ නැහැ. කුණු කඳු කඩා වැටෙන කම් දන්නේ නැහැ. අනෙක මේවා කියල ගෝල ෆේස් ගෙන්නන්න ඕනේද? මැතිවරණ නොතියන එක හොඳ සටන් පාටයක්. සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් ලැබුණු සර්වජන ඡන්ද බලය තේරුමක් නැතිවෙලා....

:       9       100

mangala welarathna Friday, 28 April 2017 01:11 PM

ජනාධිපතිතුමනි විහිළු කතා කැබිනෙට්ටුවේදී නොකළ යුතුය. රාජිත ඇමති කැබිනට් ප්‍රකාශයට සුදුසු නැත.

:       0       123

dasa Friday, 28 April 2017 04:29 PM

ප්‍රරශ්නයක් නැහැ ඇමතිතුමා. ඔයගොල්ල කියන කතා අපි කොහොමටත් ගණන් ගන්නේ නැහැ.

:       0       43

SARATH r Friday, 28 April 2017 05:34 PM

එතකොට රාජිතද බලවත් පුද්ගලයා මේ ආණ්ඩුවේ. මම හිතන්නේ ජනපතිතුමාට නැවතත් සුබ - යස රඟපාන්න හිතිල වගේ....

:       0       0

chandra weerasinha Friday, 28 April 2017 08:49 PM

ජනාධිපති වුණාම ආවට ගියාට කතා කරන එක ලොකු වැරැද්දක් !! මෙයාගේ හැටි මෙහෙම නම් ආපසු අර ඉස්සර කරපු රැකියාවටම ග්‍රාම සේවකයෙක් කරලා යවන්න ....

:       0       1

wasanjaya Friday, 28 April 2017 09:17 PM

සුදුහුණු ගානවා කියා ප්‍රස්ථා පිරුලක් තිබෙනවා. කම්කරු ඇමතිතුමා කර ඇත්තේ එයයි.

:       0       0

saradiyel weerawansa Friday, 28 April 2017 09:52 PM

ඔය විදිහටම ජනතාව පාගාගෙන මර්ධන යාන්ත්‍රණය දාල රට කරවපු මහරජාට මොකද උනේ? .. ජනතාවට යහ පාලනය පොරොන්දු වුණ රනිල් උන්නැහේල, සහ මෛත්‍රී මහත්තයා දැනගත යුතු සත්‍ය තමයි.. එදා මහ රජාට කැරකුණු පාරා වළල්ල, යම පාලනයටත් කැරකෙන බව. මේ යන විදිහට එ්ක වැඩි ඈතක නැහැ .

:       61       1

siri Friday, 28 April 2017 09:54 PM

ලොකු අයයි, පොඩි අයයි දෙගොල්ලොම ජනතාවට විහිළු සපයනවා. කිසි කෙනෙක් ජනතාවට වග කියන පාටක් පෙනෙන්න නැහැ. කැබිනට් ප්‍රකාශක ඔහේ කියවනවා. ඔහු වගකීමෙන් තොර ප්‍රකාශ කරනවා නම් ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඕනේ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න. නැතිනම් ජනතාවට මේ ආණ්ඩුව විනෝද සමයක් වේවි. !!!

:       0       5

sarath Friday, 28 April 2017 11:49 PM

ජනපති කියයි මම දැක්කෙත් පත්තරෙන් කියලා...

:       0       29

sam Saturday, 29 April 2017 12:30 AM

දැන් බලපුවාම "කැබිනට් රැස්වීමේදී" කියන ඒවාත්, ළිඳ ළඟ සංගමයේ කතා වෙන දේවල් එහෙම නැතිනම් කට්ටිය හැන්දෑවට ඩ්‍රින්ක් එකක් දාලා කියන දේවල් වගේ වැදගැම්මකට නැති තත්වෙට පත් වෙලානේ.

:       0       43

පියල් Saturday, 29 April 2017 02:09 AM

ඔව්, නන්දක්කේ ඔබ හරි..., යසලාලක තිස්ස රජු, සුභ සිංහාසනයේ වාඩි කරවා සතුටු වුවෙක්. එය කවටකමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. රජවරු විහිළුවටවත් වෙනත් අයකු සිංහාසනයේ වාඩි කරවන්නේ නැහැ. සුභ අවස්ථාවක් බලා යසලාලක තිස්ස, රාජ සභාවේ සිටියවුන්ම ලවාම මරවන්න ඇති.

:       0       5

sisira Saturday, 29 April 2017 04:28 AM

මට දුක පාර්ලිමේන්තුව වගේ උත්තරීතර මිනිසුන් වැඩවසන තැනකදී විහිලු කරලා ජනාධිපතිතුමාත්, අර ඔහේ කියවන රාජිත ඇමතිතුමාලා වගේ කෝලම්කාරයෙකු වෙන්න හදන එකගැනයි.

:       0       29

Shanaka Saturday, 29 April 2017 04:41 AM

ඕක තමා විහිළු කාරයෝ ලොකු තැන් වලට ගියාම වෙන්නේ. මේ රටවල් වලපල්ලට යනවා මිසක් දියුණු වෙන්නේ නැහැ.

:       0       35

samira Saturday, 29 April 2017 05:38 AM

ඔබතුමාලා ඔහොම විහිළු කර කර ඉන්න... දැන් සැමුවෙල්, ඇනස්ලිලත් නැහැනේ අනේ මමත් මෙයාට ඡන්දයක් දුන්නනේ...

:       0       41

senaka Saturday, 29 April 2017 07:00 AM

ලංකාවේ දේශපාලකයෝ ඉන්නේ බුද්ධිමත්ව හිතලා දෙයක් කරන්න කියන්න බැරි පොරවල් ටිකක් ,,,, එකයි මේ රට හැමදාම මේ තත්ත්වයෙන්ම තියෙන්නේ ,,,,

:       0       2

sopi Saturday, 29 April 2017 08:24 AM

හැම විහිළුවක් යටින්ම ඇත්තකුත් තියෙනවා කියන කතාව ජනතාවත් සිහි තබා ගත යුතුයි.

:       0       15

ruchira Saturday, 29 April 2017 08:44 AM

ඇමති රාජිත හිතන් ඉන්නේ කුමන්ත්‍රණයට සිරිසේන මහත්තයව යෝජනා කරලා ජනාධිපතිවරණෙට බැහැල වැඩ කරපු හින්ද එයා ජනාධිපති, සිරිසේන මහත්තය ඇමති කියලා. ජනාධිපතිතුමනි දැන්වත් කෙළින් කට ඇරලා කියන්න තමන්ගේ තරම දැනන් කතා කරන්න කියලා. උදව් වෙනයි, උදව් කරලා කරේ යන්න හදන එක වෙනයි කියන එක කාරුණිකව අවබෝධ කරලා දෙන්න!

:       0       268

samSaturday, 29 April 2017 09:33 AM

රුචිර, බල්ලොත් එක්ක බුදියාගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව සිරිසේන මහත්තයාට තවමත් තේරුම් ගිහින් නැහැ...

:       0       112

Ratna P Saturday, 29 April 2017 10:14 AM

ජනාධිපතිතුමාට රටේ උද්ඝෝෂණ පාලනය කරගන්න බෑ වගේ... එහෙම නම් විශ්‍රාමික ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයට නැවත හමුදාපති වෙන්න කතාකරන ගමන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් ආපසු වැඩ බාරගන්න කිව්වොත් නරකද?

:       402       125

bamunu Tuesday, 02 May 2017 04:19 AM

ඉස්කෝලේ යනකලේනම් අපි කියනවා සාන්ත අන්තෝනි විහිළුවක්වත් දන්නේ නැහැ කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site