(විනීතා එම් ගමගේ)
‘‘ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමෙදි බොහොම සැහැල්ලූවෙන් කියපු කථාවක් දුරදිග ගිහින්. මේ වර්ජන රැල්ල ගැන කථා කරද්දි එතුමා විහිළුවට අහල තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයාට බැරිද මේ වැඩේ පාලනය කරන්න කියලා. එහෙම කරන්න ජනාධිපතිතුමා හීනෙන් වත් හිතල නැහැ.’’ යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
“මම කැබිනට් රැස්වීමට ගියේ නැහැ. මේ ගැන මාධ්‍යවලින් දැනගත්තම මම ජනාධිපතිතුමා හමුවුණා. එය තමා විහිළුවට කී කතාවක් බවත් කිසිසේත්ම එවැනි දෙයක් කරන්නට නොසිතු බවත් ජනාධීපතිතුමා කිව්වා.’’ යැයි ද සෙනෙවිරත්න මහතා කීය. සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘මේකෙන් දේශපාලන අවුලක් හදාගෙන සමහර පක්ෂ මැයි දින රැළිවලට මේක දඩමීමා කරගෙන තියෙනවා කියලා පෙනෙනවා. මේක කියල බය කරල ගෝල්ෆේස් පිටියට ජනතාව අදින්නත් සැලසුම් තියෙනවා. ’’
‘‘කැබිනට් ප‍්‍රකාශක කියන දේ වගකීමෙන් කිව යුතුයි. එය වෙනස් වෙන්නේ නැහැ. රාජිත ඇමතිවරයා මේ කථාව කිව්වා නම් ඒ ගැන එතුමාත් සලකා බැලිය යුතුයි. ආණ්ඩුවේ බලධාරිනුත් ඒක සළකා බැලිය යුතුයි’’ යැයි ද අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති මණ්ඩලේ එක එක්කෙනා එක එක කතා කියනවා. තලතා අතුකෝරල මහත්මිය එකක් කියනවා, සරත් ෆොන්සේකා මහත්තයා තව එකක් කියනවා. දැන් ඒ පාර මෙයා තව එකක් කියනවා. මැයි රැලියට සෙනඟ නැති වෙයි කියලා බය හිතිලද දන්නේ නෑ.
මරු ... සැහැල්ලුවක්නෙ...
මේක පුදුම ආණ්ඩුවක් එක එක්කෙනා එක එක කතා කියනවා. හරියට මොන්ටිසෝරි ළමයි වගේ... මට නම් පිළිකුල් මේ ආණ්ඩුව...
එත් ඒ අදහස් ඉදිරිපත් වුනේ කැබිනට් ප්‍රකාශකගේ මාධ්‍ය සාකච්ඡාවේදී නේද!...ඊට වඩා වැඩි දෙයකුත් එහිදී කියවුණා. 'තෙල් ටැංකි අවුරුදු සිය ගණනක් තිස්සේ නිකන් පවතින බවත්, ඒවා තව දුරටත් පරණ කරමින් ථූපාරාමය, අභයගිරිය වගේ වන්දනා කරන්නද? මේ තෙල් ටැංකි තියාගන්න හදන්නේ කියලත්' සිනා මධ්‍යයේ ඇසුවා. සැබවින්ම එය බෞද්ධයන්ට කල සරදමක්....ඒ ගැනත් ජෝන් ඇමති තුමාගේ අදහස ඉදිරිපත් කලා නම් කොතරම් හොඳද? !
ජනාධිපති සැහැල්ලුවට කීවට කමක් නැහැ. ඒ කියපු වැඩය ඇත්තටම ක්‍රියාත්මක කරන්න. දැන් ජනතාවට උද්ඝෝෂණ තිත්ත වෙලා. JVP යේ, GMOA එකේ, විශ්ව විද්‍යාලවල ඉන්න JVP යේ අතකොලු සිසුන්ගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ රංගන දැන් ජනතාවට ඇතිවෙලා. මේ විදියට ගියොත් රටේ ආර්ථිකය තව අවුරුද්දකින් සුනේ සුන්. එදාට දුක් විඳින්න වෙන්නේ හැමදාම දුක් විඳින පිඩිත මිනිස්සුන්ටමයි. ෆොන්සේකාට ඇවිත් අපට සුර සැප දෙන්න බැහැ. නමුත් අඩුගානේ දේශපාලන අරමුණු පෙරදැරි කරගත් උද්ඝෝෂණ ටිකවත් නවතීවි.
"සුභ සහ යස" මතක්වෙනවා.
ඇත්තට කියපු කතාව දැන් බොරුවෙලා. කම්කරු අයිතිය සුරකින්න හා ප්‍රජාතන්ත්‍ර වාදය සුරකින්න වෙනම ඒකකයක් හදල අනාගන්න හදන්නේ මහජනතාව මර්ධනය කරලා ආණ්ඩු කරන්න බෑ. රටේ හැම පුරවැසියකුටම අයිති තාවකාලිකව ඡන්දෙන් පත්වෙලා එන දේශපාලකයන්ට අවශ්‍ය විදියට නටන්න බෑ. හැමදාම රජකන්නත් බෑ. හමුදා රජයක් කරන්න වගේ කල්පනාව පරාජිතයෝ දමාගෙන රට කරවන්න හදන්නේ...
කොහොමත් මේ ආණ්ඩුව අාපු දවසේ ඉඳල සැහැල්ලුවෙන්නේ ඉන්නේ කරන දෙයකුත් නැහැ. රටේ තියෙන දේපොළ විකුණ විකුණ ඉන්නවා . කැබිනට් කියන වචනේ තේරුම දන්නේ නැහැ. කුණු කඳු කඩා වැටෙන කම් දන්නේ නැහැ. අනෙක මේවා කියල ගෝල ෆේස් ගෙන්නන්න ඕනේද? මැතිවරණ නොතියන එක හොඳ සටන් පාටයක්. සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් ලැබුණු සර්වජන ඡන්ද බලය තේරුමක් නැතිවෙලා....
ජනාධිපතිතුමනි විහිළු කතා කැබිනෙට්ටුවේදී නොකළ යුතුය. රාජිත ඇමති කැබිනට් ප්‍රකාශයට සුදුසු නැත.
ප්‍රරශ්නයක් නැහැ ඇමතිතුමා. ඔයගොල්ල කියන කතා අපි කොහොමටත් ගණන් ගන්නේ නැහැ.
එතකොට රාජිතද බලවත් පුද්ගලයා මේ ආණ්ඩුවේ. මම හිතන්නේ ජනපතිතුමාට නැවතත් සුබ - යස රඟපාන්න හිතිල වගේ....
ජනාධිපති වුණාම ආවට ගියාට කතා කරන එක ලොකු වැරැද්දක් !! මෙයාගේ හැටි මෙහෙම නම් ආපසු අර ඉස්සර කරපු රැකියාවටම ග්‍රාම සේවකයෙක් කරලා යවන්න ....
සුදුහුණු ගානවා කියා ප්‍රස්ථා පිරුලක් තිබෙනවා. කම්කරු ඇමතිතුමා කර ඇත්තේ එයයි.
ඔය විදිහටම ජනතාව පාගාගෙන මර්ධන යාන්ත්‍රණය දාල රට කරවපු මහරජාට මොකද උනේ? .. ජනතාවට යහ පාලනය පොරොන්දු වුණ රනිල් උන්නැහේල, සහ මෛත්‍රී මහත්තයා දැනගත යුතු සත්‍ය තමයි.. එදා මහ රජාට කැරකුණු පාරා වළල්ල, යම පාලනයටත් කැරකෙන බව. මේ යන විදිහට එ්ක වැඩි ඈතක නැහැ .
ලොකු අයයි, පොඩි අයයි දෙගොල්ලොම ජනතාවට විහිළු සපයනවා. කිසි කෙනෙක් ජනතාවට වග කියන පාටක් පෙනෙන්න නැහැ. කැබිනට් ප්‍රකාශක ඔහේ කියවනවා. ඔහු වගකීමෙන් තොර ප්‍රකාශ කරනවා නම් ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඕනේ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න. නැතිනම් ජනතාවට මේ ආණ්ඩුව විනෝද සමයක් වේවි. !!!
ජනපති කියයි මම දැක්කෙත් පත්තරෙන් කියලා...
දැන් බලපුවාම "කැබිනට් රැස්වීමේදී" කියන ඒවාත්, ළිඳ ළඟ සංගමයේ කතා වෙන දේවල් එහෙම නැතිනම් කට්ටිය හැන්දෑවට ඩ්‍රින්ක් එකක් දාලා කියන දේවල් වගේ වැදගැම්මකට නැති තත්වෙට පත් වෙලානේ.
ඔව්, නන්දක්කේ ඔබ හරි..., යසලාලක තිස්ස රජු, සුභ සිංහාසනයේ වාඩි කරවා සතුටු වුවෙක්. එය කවටකමක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. රජවරු විහිළුවටවත් වෙනත් අයකු සිංහාසනයේ වාඩි කරවන්නේ නැහැ. සුභ අවස්ථාවක් බලා යසලාලක තිස්ස, රාජ සභාවේ සිටියවුන්ම ලවාම මරවන්න ඇති.
මට දුක පාර්ලිමේන්තුව වගේ උත්තරීතර මිනිසුන් වැඩවසන තැනකදී විහිලු කරලා ජනාධිපතිතුමාත්, අර ඔහේ කියවන රාජිත ඇමතිතුමාලා වගේ කෝලම්කාරයෙකු වෙන්න හදන එකගැනයි.
ඕක තමා විහිළු කාරයෝ ලොකු තැන් වලට ගියාම වෙන්නේ. මේ රටවල් වලපල්ලට යනවා මිසක් දියුණු වෙන්නේ නැහැ.
ඔබතුමාලා ඔහොම විහිළු කර කර ඉන්න... දැන් සැමුවෙල්, ඇනස්ලිලත් නැහැනේ අනේ මමත් මෙයාට ඡන්දයක් දුන්නනේ...
ලංකාවේ දේශපාලකයෝ ඉන්නේ බුද්ධිමත්ව හිතලා දෙයක් කරන්න කියන්න බැරි පොරවල් ටිකක් ,,,, එකයි මේ රට හැමදාම මේ තත්ත්වයෙන්ම තියෙන්නේ ,,,,
හැම විහිළුවක් යටින්ම ඇත්තකුත් තියෙනවා කියන කතාව ජනතාවත් සිහි තබා ගත යුතුයි.
ඇමති රාජිත හිතන් ඉන්නේ කුමන්ත්‍රණයට සිරිසේන මහත්තයව යෝජනා කරලා ජනාධිපතිවරණෙට බැහැල වැඩ කරපු හින්ද එයා ජනාධිපති, සිරිසේන මහත්තය ඇමති කියලා. ජනාධිපතිතුමනි දැන්වත් කෙළින් කට ඇරලා කියන්න තමන්ගේ තරම දැනන් කතා කරන්න කියලා. උදව් වෙනයි, උදව් කරලා කරේ යන්න හදන එක වෙනයි කියන එක කාරුණිකව අවබෝධ කරලා දෙන්න!
ජනාධිපතිතුමාට රටේ උද්ඝෝෂණ පාලනය කරගන්න බෑ වගේ... එහෙම නම් විශ්‍රාමික ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයට නැවත හමුදාපති වෙන්න කතාකරන ගමන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් ආපසු වැඩ බාරගන්න කිව්වොත් නරකද?
ඉස්කෝලේ යනකලේනම් අපි කියනවා සාන්ත අන්තෝනි විහිළුවක්වත් දන්නේ නැහැ කියල.