(ක.ග කරුණාරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු පල්ලේවත්ත ගමරාළලාගේ ප්‍රියන්ත සිරිසේන මහතාට පොරවකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට බරපතල වැඩ ඇතිව වසර 18ක සිරදඬුවම් නියම කරන ලෙස පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.
පොලොන්නරුව, නවනගරය හතර ඇල පදිංචි හපුතන්ත්‍රිගේ දොන් ඉෂාන් ලක්මාල් එලෙස සිරදඬුවම් ලැබීය.
රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ප්‍රියන්ත මහතාගේ පවුලට ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා රුපියල් 20 000 ක දඩයක් ද නියම කළේය.
විත්තිකරු වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමකට ද, දඩ මුදල නොගෙවන්නේ නම් මාස 06 ක සිර දඬුවමකට ද යටත් කරන ලෙසට නියෝග කෙරිණි.
2015 වසරේ මාර්තු මස 26 වෙනි දා පොලොන්නරුව, නවනගරය 4 ඇල ප්‍රදේශයේදී පොලොන්නරුව, ඇතුමල්පිටිය පදිංචි පල්ලේවත්ත ගමරාලලාගේ ප්‍රියන්ත සිරිසේන යන අයට පොරවකින් පහරදී මිනී මැරුමක් සිදුකළ බවට නීතිපති වරයා මෙම නඩුව පවරා තිබුනි.
22 mins

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් මිනීමැරුම් නඩු විසඳන්න අවුරුදු 10-20 ගතවෙනවා. මේක කොහොමද එක අවුරුද්දක් ඇතුලත විසඳිලා තීන්දුවත් ලැබුනේ.. කරුණාකර අනිත් නඩුත් මේවගේ ඉක්මනට අහලා ඉවර කරන්න බැරිද?
මේ නඩු තීන්දුව ගැන නෙමේ මට තියන ගැටලුව අවුරුදු 15වේ 20නඩු තියනව තවම තීදුවක් නොදුන්න අන්න ඒකයි මට තියෙන ගැටලුව.................
මොකොද මේ මිනීමරුවාට මරණිය දඬුවම නියම නොකරේ ? තීන්දුව දීමට පෙරම අපරාධකරුවාට ජනාධිපති සමාවක්වත් ලැබුණාද ?
ඕනෑම අපරාධකරුවකුට දඩුවම් ලැබිය යුතුය. එසේම සෑම දෙනෙකුටම සාධාරණ නඩු තීන්දුවක් ලැබිය යුතුය. මේ මිනීමැරුම් නඩුවේ තීන්දුව අනෙක් නඩු වලට වඩා ඉක්මනින් ලැබුනාද ? මරණකරුගේ පාර්ශවයේ උදවියගේ ඇති බලවත් බව නිසා ඔවුනට වාසිදායක තීන්දුවක් දෙන්නට පෙලබවීමක් තිබුනාද ? මෑතකදී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියූ පරිදි තමනට උසස්වීමක් බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට වාසිසහගත නඩු තීන්දු දෙන්නට පෙලබෙන අය ඉන්නවානම් මේ නඩු කටයුත්තේදීත් එවැන්නක් සිදුවුනාද කියා සැක සිතිය හැක. දැනට පවතින තත්වය යටතේ නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ගෙන ඉහල උසාවියට ගියද තීන්දුවට බලපෑම් සිදුවිය නොහැකිද ?නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේද සොයා බලන්නට කෙනෙක් සිටීද ?
සමහර නඩු වලට අවරුදු 30, 40 යනවා නේද?
සහෝදරයා නිසා වෙන්නැති.....