(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (15) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවූ බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමනාකරණ කමිටුවේ කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැකි බැවින් ජනාධිපතිවරයා මීට ඉහතදී එය අහෝසි කර ජාතික ආර්ථික සභාව පිහිටුවීය.
ජනාධිපතිවරයාගේ නිල කාලය තවත් මාසයකින් අවසන් වන බැවින් ඔහු යටතේ පැවති ජාතික ආර්ථික සභාව මෙසේ අහෝසි කර ඇතැයි දැනගන්නට තිබේ.
COMMENTS
පටන්ගන්න කොට මාස හයයි, අන්තිමට මාස හයයි, සැලසුම් හදන්න අවුරුද්දයි, ඔහොම ගියහම රටේ කෝටි දෙකක ජනතාවගේ අනාගතේ වතුරේ දාපු කාලේ පාලන කාලෙන් භාගෙකටත් වැඩියි. මෙදාපාර නම් හරි වැඩපිළිවෙලක් නැති කෙනෙකුට ඡන්දෙ දෙන්නේ නැහැ. පන්සල් පල්ලි හදන්න පාලම් බෝක්කු හදන්න ජනාධිපතිලා පත්කරන්න ඕන නැහැ ප්‍රාදේශීය සභාවට ගිහින් කිව්වනම් හදලා දෙනවා. ධර්ම සංගායනා තියන්න ආගම ධර්මේ රකින්නත් ඒ ඒ ආගම් වල මහනායකලා, කාදිනල් වරු, මවුලවිල, පුසරිලා ඉන්නවා. රටේ ණය බර නැතිකරලා මිනිස්සුන්ට වැඩි ආදායමක් ලැබෙන අනාගත පරම්පරාවට සෞභාග්‍යමත් රටක් හදන වැඩපිළිවෙලක් නැති කෙනෙක් පත්කරගෙන අන්තිමේ අපිටයි අපේ ළමයින්ටයි ඉස්සරහට වෙන්නේ පන්සල්වල දන්සල්වල පින්බත් කකා ඉන්නයි.
රටට වැඩකට නැති ආයතන සභා මණ්ඩල අහෝසි කර දමන එක බොහොම හොඳයි. ඔය කැබිනට්ටුවත් නොවැම්බර් 16 අපි අහෝසි කර දමන්නම්.
වැඩකට ඇති වැඩක් කෙරුවෙම නැහැ.
පොළොන්නරුවට පමණක් වැඩ කරන්න ජනාධිපති වරයෙක් අවශ්‍යද? පළාත් සභාවෙන් එය කරන්න පුළුවන් නේද? ජාතික මට්ටමින් ජනතා යහපතට තීන්දු තීරණ ගෙන රට දියුණු කිරීම තමයි ජාතික නායකත්වයකින් බලාපොරොත්තු වෙන්නේ.