නාලක සංජීව දහනායක
ජාතික ආණ්ඩුව ඉදිරියටත් මේ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
මේ අවස්ථාවේදී එක එක පුද්ගලයන් තම තමන්ගේ මත ප‍්‍රකාශ කරන බවත් ඒවාට වඩා ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ නිළ ප‍්‍රකාශ වලට වැඩි තක්සේරුවක් දෙන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසට පැමිණ ජානධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (16) මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යෙවිදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ පරාජයන් පසු වියරු වැටී සිටි මහින්ද හිතවාදීන් නැවතත් ආණ්ඩු බලයට කැස කවන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොවේ.
වරෙක පොදුරාජ්‍ය මණ්ඩල නායකයින්ගේ සම්මේලනය සිම්බාබ්වේ රටේ පැවැත්වුණි. එහිදී සාකච්ඡා වාරයක් පැවැත්වෙද්දී එක රටක රාජ්‍ය නායකයා නියෝජනය කරමින් සහභාගි වූ ඒ රටේ විදේශ අමාත්‍යංශයේ ලේකම් අදහස් දැක්වීමට නැගිට සිටියේය. මුලසුන හෙබවූ රොබර්ට් මුගාබේ මේ රාජ්‍ය නායකයෙකු නොවන බව දන්නා නිසා "ඔබ කවුදැයි" ඒ ලේකම් වරයාගෙන් විමසා සිටියේය. එහිදී තමා එම රටේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් බවත් රාජ්‍ය නායකයා නියෝජනය කරමින් සම්මේලනයට සහභාගී වන බවත් කියා සිටියේය. මෙහිදී මුගාබේ එකවරම "මේක රාජ්‍ය නායකයින්ගේ රැස්වීමක්. ලේකම්වරුන් කතා කරන සභාවක් නෙවේ. එනිසා එළියට යන්න පුළුවන්" යැයි තදින් කියා සිටියේය. මුගාබේ හොඳ නායකයෙක් නෙවේ. නමුත් ඔහු රාජ්‍ය පාලනය පිළිබඳ යමක් කමක් දැන සිටි කෙනෙකි. කැබිනට් රැස්වීමකට පිටස්තරයින් ගෙන්වාගෙන අදහස් විමසමින් ඒවා පිළිගනිමින් වර්තමානයේ ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන ජංජාලය තේරුම් බේරුම් කර ගැනීමට ගන්නා උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ අපගේ දේශපාලන නායකයින්ගේ නොමේරු ලාබාල පරිචය නොවේද?
රන්ජන් මහත්තයෝ අපි එදා රැවටුණා කියල දැන් හිතෙන්නේ නැද්ද? හිටන්... අපිට නම් එහෙම හිතෙනවා.
එක එක පුද්ගලයින් කරන ප්‍රකාශ වලින් නොවේ. ජනාධිපතිතුමා කරපු ප්‍රකාශ වලිනුයි මේ අස්ථාවර භාවය ඇති වුණේ...
ඊළඟ එජාප නායකයා හරීන්...
ඉතින් ජනාධිපතිට කියන්න ඕක.. ජනතාවට කියන්න කියලා ලැජ්ජා වෙන්නේ නැතුව...
වරෙක පොදුරාජ්‍ය මණ්ඩල නායකයින්ගේ සම්මේලනය සිම්බාබ්වේ රටේ පැවැත්වුණි. එහිදී සාකච්ඡා වාරයක් පැවැත්වෙද්දී එක රටක රාජ්‍ය නායකයා නියෝජනය කරමින් සහභාගි වූ ඒ රටේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අදහස් දැක්වීමට නැගිට සිටියේය. මුලසුන හෙබවූ රොබර්ට් මුගාබේ මේ රාජ්‍ය නායකයෙකු නොවන බව දන්නා නිසා " ඔබ කවුදැයි" ඒ ලේකම් වරයාගෙන් විමසා සිටියේය. එහිදී තමා එම රටේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් බවත් රාජ්‍ය නායකයා නියෝජනය කරමින් සම්මේලනයට සහභාගී වන බවත් කියා සිටියේය. මෙහිදී මුගාබේ එක වරම "මේක රාජ්‍ය නායකයින්ගේ රැස්වීමක්. ලේකම් වරුන් කතාකරන සභාවක් නෙවේ. එනිසා එළියට යන්න පුළුවන්" යැයි තදින් කියා සිටියේය. මුගාබේ හොඳ නායකයෙක් නෙවේ. නමුත් ඔහු රාජ්‍ය පාලනය පිලිබඳ යමක් කමක් දැන සිටි කෙනෙකි. කැබිනට් රැස්වීමක සිටිය යුතු නොවන පිටස්තරයින් ගෙන්වාගෙන අදහස් විමසමින් ඒවා පිළිගනිමින් වර්තමානයේ ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන ජංජාලය තේරුම් බේරුම් කර ගැනීමට ගන්නා මේ බොළඳ උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ අපගේ දේශපාලන නායකයින්ගේ නොමේරු ලාබාල හැසිරීම් රටාව නොවේද?
ඔබේ අසරණකම දැක්කම දුක හිතෙනවා.. රන්ජෝ..
වන් ෂොට්ට කිසිම අයිතියක් නෑ මේක අස්සේ රිංගන්න ...