IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඝන පුර්ණයක් නැතැයි හලාවත නගර සභාව කල් තබයි

(ඔගස්ටින් ප‍්‍රනාන්දු සහ ජුඩ් සමන්ත)
හලාවත නගර සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා  අද  (27 ) කැඳවා තිබු රැස්වීම සඳහා නියමිත අයුරින් ගනපූර්ණයක් නොමැති වීම නිසා රැස්වීමේ කටයුතු අතරමග නවතා දමා ඊළඟ රැස්විම දින නියමයක් නොමැතිව කල් දැමිණි.
වයඹ පළාතේ පලාත් පාලන කොමහසාරිස් රංජන් ජයතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් නගර සභා රැස්වීමි  ශාලාවේදී මෙම රැස්විම පෙරවරු 8. 30 ට ආරම්භ විය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රිවරුන් හත් දෙනෙකු හා ශ‍්‍රී ල නි ප යේ එක් මන්ත‍්‍රිවරයෙකු පමණක් සභාවට පැමිණ සිටි අතර ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රිවරුන් සභාවට පැමිණ නොසිටියහ.
අනතුරුව පළාත් පාලන කොමසාරිස්වරයා රැස්වීමේ අරමුණ පැහැදිලි කරන  අවස්ථාවේදී  නැගි සිටි නගර සභා මන්ත‍්‍රි ඩබිලිවි. හිලරි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා ( ශ‍්‍රී.ල.නි.ප)  මෙසේ කීය .
මෙම සභාව සඳහා  මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකු පත්වි සිටිනවා.  මේ වන විට මෙහි පැමිණ ඇත්තේ මා ඇතුළුව අට දෙනෙක් පමණයි. පනත අනුව සභාපතිවරයෙකු තෝරා ගැනීමේ  රැස්වීමේදී  දි මන්ත‍්‍රීවරුන් සියයට පනහක් ඉක්මවා සිටිය යුතු වුවත්  මෙහි එම ප‍්‍රමාණය නොමැති නිසා මෙම රැස්වීමෙහි වලංගු භාවයක් නැහැ. ඒ නිසා රැස්වීම කල් දැමීම සුදුසුයි.
මන්ත‍්‍රි ඩබිලිවි මයිකල් ප‍්‍රනාන්දු මහතා ( එජාප ) මන්ත‍්‍රිවරුන් පැමිණෙමින් සිටිනවා.  විනාඩි පහක් කල් දාන්න.
කොමසාරිස්වරයා පනත අනුව නියමිත වේලාවට පිරිස සිටිය යුතුයි . එය සිදුව නැති නිසා විරෝධතාව පිළිගැනීමට සිදුවන අතර ඒ අනුව  දින නියමයක් නොමැතිව රැස්විම කල් දානවා.
මෙහදි ඝෝෂාකාරි තත්ත්වයක් ඇතිවු අතර මන්ත‍්‍රි  හිලරි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා ද කොමසාරිස්වරයා ද සභාවෙන් පිටව ගියහ. මේ අවස්ථාවේදී  සමහර මන්ත‍්‍රිවරුන් පැමිණෙමින් සිටිනු දැක ගත හැකි විය
ඡායාරූප-ජුඩ් සමන්ත
 



අදහස් (3)

ඝන පුර්ණයක් නැතැයි හලාවත නගර සභාව කල් තබයි

සතයපාල Tuesday, 27 March 2018 11:04 AM

පටන් ගන්න විටම ගේමක් ගහලා වගේ.............

:       0       0

රවින් Tuesday, 27 March 2018 11:19 AM

පත් කරලා දවස් කීයද? පළමුවන සැසි වාරයටවත් වෙලාවට එන්න බැරි අයගෙන් කුමක් බලාපොරාත්තු වෙන්නද? මොවුන්ට ඡන්දය දුන්නු හැමෝටම තම තමන් අදහන සියලු දෙවියන්ගේම පිහිටයි.

:       0       0

Bamunuarachchi Wednesday, 28 March 2018 12:49 AM

අපරාදේ මහජන මුදල් නාස්ති වෙනවා මුන්වෙනුවෙන් එදින වියදම් කල මුදල්වලින් බල්ලන්ට ආප්ප කන්න දුන්නානම් ජනතාවට පිං.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 130 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site