ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර කලාපයේ දූපතක් වන ගුවාම් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කිරීමත් සමග උතුරු කොරියාව මේ බව ප්‍රකාශ කර තිබේ. උතුරු කොරියාවේ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.
මැදි දුර රොකට් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව අවධානය යොමු කර තිබෙන අතර ගුවාම් යනු ඇමෙරිකාවේ උපායමාර්ගික ස්ථානයකි. ඇමෙරිකාවට අයත් ප්‍රහාරක යානා තිබෙන කඳවුරක් ද ගුවාම් හි ස්ථාපිත කර තිබේ.
මේ සමඟ උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර උණුසුම් තත්ත්වයක් මතු වී තිබේ.
(ඒ.එෆ්.පී/රොයිටර් 055)
COMMENTS
කින් ජෝන් වැඩේ නා ගන්න හදන්නේ ඉල්ලන් කන්න හදන පාටයි.
රටවල් දෙකේම නායකයින්ට මානසික ප්‍රශ්න වැඩියි. මට කණගාටු යුද්ධයක් වුණොත් මැරෙන්නේ දෙපැත්තේම අහිංසක මිනිස්සු, ලංකාවේ ශ්‍රමිකයන් විශාල පිරිසක් දකුණු කොරියාවේ සේවය කරනවා ඔවුන්ගේ ජිවිතත් අනතුරේ.... කඩා වැටෙන්නේ ලෝක ආර්ථිකය... එහෙම වුණොත් එහි ප්‍රතිඵල ලංකාවේ අපටත් දැනෙනවා. කරුණාකර යුද්ධයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු.
දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වුණෙත්, පළමුවැනි ලෝක යුද්ධය ආරම්භ වුණෙත්, යුරෝපයෙන් බව පාසල් දරුවන් ඇතුළු බොහෝ දෙනෙක් දන්නා කරුණක් වුවත් තුන්වැනි ලෝක යුද්ධය ආසියාවෙන් පටන් ගන්නා බොහෝ දෙනෙක් මෙතෙක් දැන සිටියේ නැත. න්‍යෂ්ටික, පරමාණු අවි හඬ දැන් අපේ ආසියාවෙන් කඳුළු සලාවිද ?
කිම් ජෝන් නිකන් ඉල්ලන් කන්නයි හදන්නේ. මෙයා දැන් අවුරුදු දෙක තුනක ඉඳන් ඇමෙරිකාවට සද්දේ දානවා කිසිම හේතුවක් නැතිව. අවුරුදු 25ක කොල්ලෙක්ට කොමියුනිස්ට් වාදේ පිටගහලා පවුල් වාදී රජපෙලපතක් හදාගෙන නිකන් බොරු න්‍යෂ්ටික යුද්ධයකට අර අඳිනවා. ඇමරිකානු අාර්ථිකයකට වෙන හානියක් නැහැ.... ඒ අය පුළුවන් තරම් මෙයාගේ කතා ගණන් නොගෙන ඉඳලා බැරිම තැන ගසල ඇරියොත් අපි වගේ පොඩි රටවල් තමයි තැලෙන්නේ.... අනික නියෂ්ටික බෝම්බයක් පිපුරුවොත් පැත්ත පළාතම ඉවරයි. මේවට ඔය චීනේ, රුසියාව වගේ යටින් උදව් දෙන රටවලුත් වග කියන්න ඕනෑ ...
වසර 30 ගණනක යුද්දයකට මුන දීපු රටක් විදියට අපේ රටේ සියල්ලන්ගේම පැතුම වියයුත්තේ යුද්දයක් වෙන්න එපා කියල ...
සමහර විට ඔය නිවේදනය කින් ජෝන් නොදන්නවා වෙන්න බැරිද.?