IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ගාල්ලට මහ වැසි - මාර්ග රැසක් යටවෙයි

(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල දිස්ත්‍රික්කයට අද (5) අලුයම සිට දහවල් දක්වා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග ගණනාවක් ජලයෙන් යටවී ජන ජීවිතය අඩාල වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
 
අද (05) උදෑසන හයෙන් අවසන් වූ පැය විසි හතරක කාලයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ නාගොඩ ආසන්න බෙම්බඩ ගම්මානයෙනි. එය මිලි මීටර 200 කි. එම කාල සීමාවේ දී යටලමත්ත ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනය මිලි මීටර 180 කි. නෙළුව හා තවලම ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය මිලි මීටර 60ක් බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ දත්ත ලබාගෙන ඇත්තේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ස්ථානගත කර ඇති වැසි මාපකයන් මගිනි.
 
දැඩි වර්ෂාව හේතුවෙන් ගාල්ල සිට වක්වැල්ල, කරාපිටිය, මාපලගම, වඳුරඹ, බද්දේගම, නෙළුව මාර්ග ස්ථාන රැසක් ජලයෙන් යටවී තිබිණි. නගරය ඔස්සේ ජලය බැස යන කැපූ ඇල ද පිටාර මට්ටමට ළඟා වී තිබූ මොරගොඩ ඇල පිටාර ගැලීම හේතුවෙන් කහදූවවත්ත, දංගෙදර ආදී ප්‍රදේශ රැසක නිවාස ජලයෙන් යටවී තිබිණි. මේ අතර වැසි ජලය එකතුවීම හේතුවෙන් සංඝමිත්ත පුර, අලුත්පාර, අම්බලන්වත්ත හිරිඹුර, හපුගල ආදී ප්‍රදේශ රැසක නිවාස හා වගාබිම් ජලයෙන් යටවී තිබිණි.
 
ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයට සමස්ථයක් ලෙස අධික වර්ෂාවක් පතිත වුව ද නෙළුව හා තවලම ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් මෙතෙක් ලැබී නොමැති බැවින් ගිං ගඟේ ගංවතුර අවධානමක් නොමැති බවයි.
 
 ‘‘ගිං ගඟේ ගං වතුර තර්ජනයක් මෙතෙක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඉදිරියේ දී නෙළුව හා තවලම ප්‍රදේශවලටත් වැසි ඇතිවුවහොත් තත්ත්වය වෙනස් වේවි. පසුගිය ගංවතුර අවස්ථාවේ දී ගිං ගඟේ මෝය කටේ වැලි වැටි ඉවත් කළා. ඒ නිසා මෝයෙන් ජලය හොඳින් බැස යනවා. ගාල්ල නගරයේ එකතුවන වැසි ජලය ඉක්මණින්  බැස යාමට සැළැස්වීම සඳහා ගාල්ල කළුවැල්ලේ වැල්මුරුංග කලපුවේ මෝය කටේ වැලි ඉවත්කිරීම ආරම්භ කළා. ඒ වගේ ම කොග්ගල ඔයේ මෝයකටේ ඇති වැලි වැටියත් ඉවත්කිරීමට කටයුතු කරනවා.“
 
මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කළ බවයි.



අදහස් (0)

ගාල්ලට මහ වැසි - මාර්ග රැසක් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 98 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 937 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site