(ඉන්දිකා රාමනාය)
ග‍්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියේ අවමගුල් උත්සවයට සහභාගි වෙමින් සිටියදී මන්නා පිහිවලින් කපා කොටා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් පෑලියගොඩ 4 කණුව ප‍්‍රදේශයේ ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය පර්ගියුසන් පාරේ පදිංචි දිල්ෂාන් මධුවන්ත (24) නැමැත්තා බව පොලිසිය පවසයි.
ඉකුත් (15) දින දවස මාදම්පිටිය සුසාන භූමියේ අවමංගුල් උත්සවයකට සහභාගි වෙමින් සිටියදී ති‍්‍රරෝද රථවලින් හා වෑන් රථයකින් පැමිණි සැකකරුවන් පිරිසක් මන්නා පිහිවලින් පහර දීමෙන් සමිට්පුර පදිංචි සම්පත් නිරෝෂන හෙවන් ආනමාලූ රංග (39) හා කිසිම් ඉම්රාන් (22) නැමැති දෙදෙනා ඝාතනය කර තිබුණි.
මෙම සැකකරුත් සමග මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.