(මොහොමඩ් ආසික්)
ගම්මිරිස් මිළ පහත වැටීමෙන් පීඩාවට පත්ව සිටින ගොවීන්ට සහනය වශයෙන් ඔවුන්ගේ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 85,000 ක සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පැවසීය.
පේරාදෙණිය ගැටඹේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී අද (26) වැනිදා සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය .ඒ.පී.හීන්කෙන්ද මහතා මෙසේද කීය.
මේ වසරේ මේ වන විට ලංකාව පුරාම ගම්මිරිස් අස්වැන්න ලැබෙන බවත් එම නිසා ලැබෙන අස්වනු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත්ය. මේ නිසාම ගම්මිරිස්වල මිළ අඩු වී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. මිළ අඩුවීමක් ගැන කිව්වද ගිය වසරේ මේ කාලයේදීද ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 500 ක් වැනි මිළකට තිබූ බවත් එය දෙසැම්බර් මාසය වෙද්දී රුපිවල් 775 ක් දක්වා ඉහළ ගිය බවත් කීය.
එම නිසා මෙවරද ගම්මිරිස් වියලා තබා ගත හැකි නම් වැඩි මිළකට අලෙවි කර ගත හැකි බවද ඒ මහතා කීය
2017 වසරේ සිටම ගම්මිරිස් මිළ අඩු වීගෙන ගිය බවත් ඒ සඳහා පිළියම් වශයෙන් 2019 මාර්තුවල සහ2019 දෙසැම්බර්වල ගම්මිරිස් ආනයනය තහනම් කරමින් ගැසට් පත් නිකුත් කළ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. රජයන් විසින් එවන් ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
කෙසේ වුවක් මිළ අඩු වීම නිසා ගොවීන්ගේ ආදායම අඩු වී ඇති බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව වශයෙන් සාධනීය පියවරයන් ගෙන ඇති බවත් කීය. මෙම වසරේ සිට ගම්මිරිස් ඵලදාව ලබන වගාකරුවන්ට අවුරුදු තුනකට පමණ වැඩි වගාවන් සඳහා හෙක්යාරයකට රුපියල් 85,000 ක සහනාධාරයක් ලබා දෙන බවද කීය.
මේ මුදල ලබා දෙනු ලබන්නේ වගාව නඩත්තු කරන්න බවත් එයින් අපි බලාපොරොත්තු වන්නේ එක ගම්මිරිස් වැලකින් ලැබෙන අස්වැන්න දෙගුණ කරන්න බවයි. අස්වැන්න දෙගුණයක් වනවා කියන්නේ ආදායම දෙගුණයක් වෙනවා කියන එක.මිළ අඩු වීමෙන් වන පාඩුව මෙමගින් පියවා ගන්න පුළුවන් වෙනවා. යැයිද අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද මහතා කීය.
මේ සම්බන්ධයෙන් විස්තර ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට ගිහින් අපනයන කෘෂි ව්‍යාප්ති නිළධාරින් හමුවී ලබා ගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මිරිස් වලට වල් ගම්මිරිස් හා පැපොල් ඇට යොදා ඇති නිසා ඒවා ගුණාත්මක භාවයෙන් පිරිහුණු බවටත්, කුරුඳුවලට මකුලත (ලාඩප්පා) පොතු කළවම් කොට ඇති නිසා ඒවාත් ගුණාත්මක භාවයෙන් හීනවූ බවට ආරංචි පතුරුණා. මේවා සත්‍ය නම් එසේ කරන වංචනිකයින් සොයා දඬුවම් නොදෙන්නේ ඇයි?.. ලංකාවේ පැණි හකුරුවලට බොහෝ අපද්‍රව්‍ය යොදා වංචනිකයන් ගජරාමෙට මුදල් ගැරුවත් මේ රටේ ඔවුන් සුරක්ෂිතය. තවත් සමහර ආහාර ද්‍රව්‍ය ගැනද තත්ත්වය එසේමයි.
අලුත්ගමගේ මහත්මයා ඉස්සර ගම්මිරිස්වලට පැපොල් ඇට කලවම් කරන්න ඇති... නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. අද ලෝක වෙළඳපලේ පැපොල් ඇට කිලෝවක මිල, ගම්මිරිස් කිලෝවකට වැඩිය වැඩිබව ඔබතුමා දන්නේ නැද්ද? කුරුඳු ගැන නම් මම දන්නේ නැහැ.
හැමදේටම සහනාධාර දෙන්න අවශ්‍ය නැහැ.
බාල ගම්මිරිස් වියට්නාමයෙන් ගෙනත් අපේ ගම්මිර්ස්වලට කළවම් කර විකුණන ජාවාරම නිසා අපේ ගම්මිරිස් වලට තිබුණු වෙළඳපළ නැතිවෙලා. ඒ විතරක් නොවෙයි. තේ, පුවක් වලට වෙන්නෙත් ඒකම තමයි. ඔය ප්‍රතිඅපනයන කියන මගුල නැතිකරලා දාන්න. එතකොට ගොවියන්ට ඔය පින් සහනාධාර ඕන වෙන එකක් නැහැ...
බොරුවට ආධාර දෙන්නේ ඇයි? කෘෂිකර්මයේ ඉන්නේ තරමක් ඉන්නේ රටකන ආචාර්යවරු...
සා මහත්තයාටත් එහෙනම් ගම්මිරිස් මිල වැඩි කරගන්න බැරි වුණානේ.. කිව්වේ නම් අපි ආවහම මිල වැඩි කරනවා කියලා.. ඔක්කොම කයිවාරු විතරයි.
අරවා දෙනවා, මේවා දෙනවා කියකියා හැමදාම කැරට් අල පෙන්න පෙන්නා ඉනතාව ඉදිරියට දක්කන වැඩ පිළිවෙළේ තව එක් නිදසුනක්..
ඉල්ලුම් නැතිනම් මිල පහත වැටෙනවා. ලංකාවේ මිනිස්සු ඔය කියන මිල ගණන් වලට ගම්මිරිස් ගන්නේ නැහැ.
ගම්මිරිස්වල එකට එකක් ‘වියළි ගස්ලබු ඇට..‘ හුඟක් රටවල්වල අපේ ගම්මිරිස්වල මිල තුට්ටු දෙකට බැහැලයි තියෙන්නේ. දැන් අපේ රට ගස්ලබු ඇට, ගම්මිරිස්වලට සහ කසල තේ වලට ප්‍රසිද්ධ වෙමින් පවතින බව වගකිව යුත්තන් වශයෙන් තේරුම් ගන්න...