(ඩයනා උදයංගනී)
බස් රථ සඳහා මාර්ග බලපත‍්‍ර නිකුත් කිරීමේදී පසුගිය කාලයේ සිදුවී ඇති අකටයුතුකම් පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසමේ තිබූ ලිපි ගොනු 2095ක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇතැයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
වත්මන් යහපාලන රජය යටතේ බස්රථ ප‍්‍රවාහන මාර්ග බලපත් අත යටින් ලබාදීමේ ක‍්‍රියාවලිය නවතා දමා ඇතැයි කී අමාත්‍යවරයා දැන් එය නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව සිදුවන බව ද කීවේය.
බස් රථ සඳහා මාර්ග බලපත‍්‍ර ඉල්ලා දැනටත් විශාල පිරිසක් දිනපතා තමා හමුවට එන බව කී අමාත්‍යවරයා ඔවුන් නැවත හරවා යවන බව ද කීවේය.
ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී අද (12) පැවති ජාතික හා පළාත් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරිම පිළිබඳ වැඩ මුළුවකට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපි ගොනු 2095ක් පරික්ෂා කරන්න තව අවුරුදු කීයක් යාවිද ? මේ සඳහා අතිරේක පරීක්ෂකයන් බඳවා ගන්නවද ? නැත්නම් සමහර කාර්යාලවල පුටු රත් කරමින් පින් පඩි ලබාගන්නා අය යොදවා ගන්න බැරිද ? ඒ අතරේ වැදගත් යයි සලකන ලිපි ගොනු කීයක් "අස්ථාන" ගත වේවිද ?