(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පානදුර නල්ලුරුව වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන විශ්‍රාමික වෛද්‍යවරයකුට  අයත් පානදුර  මහ බෙල්ලන නිවසක සඟවා තිබූ  ළදරු කළල වල කොටස් සහ
පෙති වර්ග විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ. ඒ සමගම මෙම විශ්‍රාමික වෛද්‍යවරයා සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන 38 හැවිරිදි කාන්තාවක් අද ( 10)  අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන  ඒකකය කියයි  .

මෙම නිවසේ තිබී පෙති වර්ග විශාල තොගයක් හා  විනාශ කළ ළදරු කලල වල ලේ තැවරුනු කොටස් ගැබ් වූ පුලුන් විශාල තොගයක් ගබ්සාවක් සිදු කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පානදුර නල්ලුරුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක රුපියල්  70,000 ක  මුදලක්  අය කර ගබ්සාවක් සිදු කරන බවට  පානදුර වලාන දූෂණ  මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ. වලාන දූෂණ මර්ධන  ප්‍රහාරක ඒකකයේ   අධ්‍යක්ෂ  පොලිස් අධිකාරී හේමාල්  ප්‍රශාන්ත මහතාට ලද රහසිගත  තොරතුරකට   අනුව වැවැටලීම  කළ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ  උණ්ඩ 21 ක් ද ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද තිබී ඇත.