( තිළිණි ද සිල්වා )

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ

.ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු සඳහා වන එස්.රාජරත්නම් නැමැති අධ්‍යාපන ආයතනය මඟින් මෙම අධි ශිෂ්‍යත්වය පිරිනමා ඇති අතර  හිටපු ආරක්ෂක ලේකම්වරයා මාසක කාලයක් පුරා එහි  අධ්‍යයන කටයුතු වල නිරත වීමට නියමිතය.

මෙම අධ්‍යයන ආයතනය රාජ්‍ය ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යනය ආයතනයක් වශයෙන්  අතීතයේ  පැවතී ඇති බව සඳහන් වෙයි.