IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහිව ගොනු කළ පෙත්සම සළකා බැලීම ඇරැඹේ

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම අද (2) අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි.

ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ හෙට  (3) සහ 4 යන දිනවලදී සලකා බැලීමට නියමිතය .

දේශපාලනමය වැදගත්කමකින් යුත් කරුණක් ලෙස සලකමින් මෙම පෙත්සම ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බලමින් මෙය ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට අධිකරණය නියම කළේය.

ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද සලකා බැලේ.



අදහස් (21)

ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහිව ගොනු කළ පෙත්සම සළකා බැලීම ඇරැඹේ

Lion Wednesday, 02 October 2019 05:08 AM

ඉදිරිපත්ව ඇති පාර්ශවය කවුරුන් වුවත් අපගේ ප්‍රාර්ථනාව වනුවේ නීතියේ ස්වාධීන බව තහවරු වන තීන්දුවකි. එය අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවරු කරනු ඇත.

:       1       364

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 02 October 2019 06:10 AM

ඡන්දය දෙන රටේ පුරවැසියන් මෝඩයන් කියල හිතලාද?

:       2       317

රජින්ද Wednesday, 02 October 2019 06:43 AM

මේ පෙත්සම ගොනුකළ ගාමිණි වියන්ගොඩලා වැනි රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙමින් සිටින අය මේ රටේ අවුල් වියවුල් නිර්මාණය කරන්නට දායක වූ බව නොදන්නා කෙනෙක් නැත. ඒ කුහක රට-ජාතිය ඉහගෙන කන උන්දැලාට අද වනවිට ජනතාව සාප කරති.

:       1021       1229

LionWednesday, 02 October 2019 07:53 AM

ඔබගේ මතය ගැටලු සහගතයි.මේ රටේ ජනාධිපති වෙන්න ඉන්න කෙනෙක්ගේ පුරවැසිභාවය තහවරු කර ගැනීම වරදක්ද? අනික ගෝඨාභය මහත්තයා ඇමරිකානු පුරවැසියෙක්.ඔහුට හැඳුනුම්පත් 2 තිබුණු බවට චෝදනා තිබෙනවා.ලඟදි ආගමන විගමන දෙපාර්තමේන්තුව සී.අයි.ඩී යට වාර්තා කරලා තිබුණා.අපි මේ නඩුව ගොනු කළ අයට ස්තුති කළ යුතුයි.

:       42       136

saaliWednesday, 02 October 2019 08:20 AM

නීතිය පිළිබඳව විමසීමට පුරවැසියන්ට අයිතියක් නැතිද? නීතිය තුට්ටුවකටවත් මායිම් නොකර සාදන රට කුමක්ද? නීතිය යනු රටක මූලික දෙය බව නොවැටහේද ?

:       27       109

Chanak los angeles Wednesday, 02 October 2019 07:02 AM

වයස අවුරුදු 70 ක දරුණු හදවත් රෝගියෙකුට මෙවන් නිළයක් දරන්න පුලුවනිද ?

:       1030       890

ගිහාන් වීරසේකර කැලිෆෝනියා Wednesday, 02 October 2019 08:07 AM

චානක මහත්මයා දරුණු සිතුවිලි තියෙන කෙනෙක්.

:       27       128

sanduniWednesday, 02 October 2019 08:26 AM

අවුරුදු 70ක දරුණු හදවත් රෝගියෙක් වුනත් කරලා තියෙන වැඩ කොහොමද?

:       8       98

lionWednesday, 02 October 2019 08:54 AM

කරලා තියෙන වැඩ නම් නියමයි. අම්මට, තාත්තට මිනිසුන්ගේ සල්ලිවලින් සොහොන් හදපු එක, බලුපැටියා ගෙන්න ස්විට්සර්ලන්තයට ප්ලේන් ඇරිය එක. වැඩ කෝටියක් තියෙනවා ලියනවා නම්. යුද්දේ නියම විදියට කරපු ෆොන්සේකාට ජම්පර් අන්දපු එක...

:       176       106

senaWednesday, 02 October 2019 09:28 AM

එතුමා යම් වැඩ කොටසක් කළා. ඒ අසනීප වෙන්න කලින්.....

:       0       0

නිව්ටන් ඇනහයිම්, කැලිෆෝනියා Wednesday, 02 October 2019 09:38 AM

චානක් හොඳටම බය වෙලා. ශ්‍රී ලංකා විරෝධී අයට ඔය බය තියෙනවා.

:       1       90

සෙනරත් උදලාගම ලොස් ඇංජලීස්Wednesday, 02 October 2019 09:49 AM

චානක්ගේ සාටක වෛරය... ඇයි සිංගප්පූරු ජාතිකයෙකු වන අර්ජුන මහේන්ද්‍රන්ගේ හොරවැඩ ගැන කතා නොකරන්නේ...? අම්මපා ඔහේලා වගේ කැපුවත් හූ.එන්.පී. වන්දිභට්ටයෝ..!

:       1       183

උපාලි ජයතිලක ස්වීඩනය Wednesday, 02 October 2019 09:53 AM

ශ්‍රී ලංකාවේ ඉපදී ශ්‍රී ලංකාව ඔබ වැනි එන්.ජී.ඕ කාරයින්ගෙන් හා ත්‍රස්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව බේරාගත් ගෝඨාභය මැතිඳුන්ට ජයවේවා..!

:       1       142

athuraWednesday, 02 October 2019 10:53 AM

උපාලි, නිවුටන්, සෙනරත්, ගිහාන් ඔක්කොම එක්කෙනෙක්.... කුලී කොමෙන්ට් කාරයෙක්...

:       87       0

සෙන්තිල්නාතන් ටොරොන්ටෝWednesday, 02 October 2019 10:53 AM

ගෝඨාභය මහත්තයාට විතරයි ආයෙත් ශ්‍රී ලංකාව එක්සේසත් කරන්න පුළුවන්. එතුමාට ස්කන්ධ කුමාර දෙවි පිහිටයි...

:       0       89

Thilina Wednesday, 02 October 2019 07:39 AM

මේ මනුස්සයා රටට ජීවිත දානය දෙන්න විශාල මෙහෙයක් කරපු අයෙක්... ඒ වෙනුවෙන් ජීවිත පරදුවට තියලා වැඩ කරද්දී කවුරුවත් උසාවි ගියාද? පුරවැසි භාවය හොයන්න කියලා. ඔය පෙත්සම ඉදිරිපත් කරපු ඩොලර් කාක්කන් ජීවත් වෙන්නෙත් ඒ මිනිස්සු කරපු කැපකිරීම් නිසා. යූඑන්පී ඇත්තටම ලැජ්ජයි මේ වගේ තුට්ටු දෙකේ වැඩකරලා.. ප්‍රතිවාදියා අයින් කරන්න දඟලන දැඟලිල්ල දැක්කම.

:       1       118

athuraWednesday, 02 October 2019 10:55 AM

රටට ජිවිත දානය දෙන්න විශාල මෙහෙයක් කරපු ෆොන්සේකා මහත්මයාව අයියලා මල්ලිලා එකතුවෙලා හිරේ දානකොට එයා කරපු කැපවීම ඔහෙට මතක් වුනාද?

:       0       0

jine Wednesday, 02 October 2019 08:28 AM

ලෙඩෙක් ජනාධිපති කරන්න පොරකන මෝඩයෝ අතළොස්සක් ඉන්න රටක්.

:       90       15

jayasekaraWednesday, 02 October 2019 09:09 AM

තවත් එන්.ජී.ඕ.සාමාජිකයෙක්.යුද්දේ ඉවර කරන්න නායකත්වය දෙනකොට.......මෙයා ලංකාවේ නෙමේද ඉන්නේ?

:       0       60

Saman Wednesday, 02 October 2019 08:49 AM

බලාගෙන යනකොට විමලෙයි, මෙයයි එක වල්ලේ පොල්නේ..

:       114       52

විමලාවතී Wednesday, 02 October 2019 11:27 AM

අතුරට හොඳටම රිදිලා. අනේ මෙහෙමත් යු එන් පී කාරයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 14 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 336 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site