(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම අද (2) අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි.
ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ හෙට (3) සහ 4 යන දිනවලදී සලකා බැලීමට නියමිතය .
දේශපාලනමය වැදගත්කමකින් යුත් කරුණක් ලෙස සලකමින් මෙම පෙත්සම ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බලමින් මෙය ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට අධිකරණය නියම කළේය.
ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද සලකා බැලේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරිපත්ව ඇති පාර්ශවය කවුරුන් වුවත් අපගේ ප්‍රාර්ථනාව වනුවේ නීතියේ ස්වාධීන බව තහවරු වන තීන්දුවකි. එය අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවරු කරනු ඇත.
ඡන්දය දෙන රටේ පුරවැසියන් මෝඩයන් කියල හිතලාද?
මේ පෙත්සම ගොනුකළ ගාමිණි වියන්ගොඩලා වැනි රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙමින් සිටින අය මේ රටේ අවුල් වියවුල් නිර්මාණය කරන්නට දායක වූ බව නොදන්නා කෙනෙක් නැත. ඒ කුහක රට-ජාතිය ඉහගෙන කන උන්දැලාට අද වනවිට ජනතාව සාප කරති.
වයස අවුරුදු 70 ක දරුණු හදවත් රෝගියෙකුට මෙවන් නිළයක් දරන්න පුලුවනිද ?
මේ මනුස්සයා රටට ජීවිත දානය දෙන්න විශාල මෙහෙයක් කරපු අයෙක්... ඒ වෙනුවෙන් ජීවිත පරදුවට තියලා වැඩ කරද්දී කවුරුවත් උසාවි ගියාද? පුරවැසි භාවය හොයන්න කියලා. ඔය පෙත්සම ඉදිරිපත් කරපු ඩොලර් කාක්කන් ජීවත් වෙන්නෙත් ඒ මිනිස්සු කරපු කැපකිරීම් නිසා. යූඑන්පී ඇත්තටම ලැජ්ජයි මේ වගේ තුට්ටු දෙකේ වැඩකරලා.. ප්‍රතිවාදියා අයින් කරන්න දඟලන දැඟලිල්ල දැක්කම.
ලෙඩෙක් ජනාධිපති කරන්න පොරකන මෝඩයෝ අතළොස්සක් ඉන්න රටක්.
බලාගෙන යනකොට විමලෙයි, මෙයයි එක වල්ලේ පොල්නේ..
අතුරට හොඳටම රිදිලා. අනේ මෙහෙමත් යු එන් පී කාරයෝ.