(බිඟුන් මේනක ගමගේ )
කොළොම්පුර කලා මංගල්‍ය යන විරුදාවලිය ලත් ගංගාරාම නවම් මහා පෙරහර හෙට(18) හා අනිද්දා (19) දෙදින වීථි සංචාරය කෙරේ.
කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම නවම් මහා පෙරහර මෙවර සංවිධානය කෙරෙන්නේ 41 වැනි වරටය.
දෙස් විදෙස් බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පත් නවම් මහා පෙරහර සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ අගසව් පදවි සම්ප්‍රාප්තියත් බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් උදෙසා පවත්වන පුද පෙරහරක් ලෙසත් පැවැත්වේ.
අලි ඇතුන් හතලිස් පහකට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගන්නා නවම් පෙරහර තාලන් නැටුම, වේවැල් නැටුම, පතුරු නැටුම, තෙල්මේ, කුමාරපාළිය, ශුද්ධ මාත්‍රා, රිද්දි යාගය, සවරං නැටුම, බුම්මැඩි, සක් පිඹීම, අව් අතු හා මුරායුධ, රබන් කරකැවීම, පන්තේරු, මහසෝනා , උඩැක්කි, දෙවොල්, නාගරාක්ෂ, ආතා මුත්තා කෝලම, හනුමන්තා නැටුම ආදී වශයෙන් 145 කට අධික විචිත්‍රවත් පෙරහර අංගවලින් මෙවර සමන්විතය.
ගල්කිස්ස රත්මලාන විමලාරාමාධිපති ආචාර්ය අත්තුඩාවේ පියරතන, ශ්‍රී ඥානෙශ්වර පිරිවෙණෙහි සම්මාන පරිවේණාධිපති දොරදෙණියේ විමලකිත්ති හා පරිවෙණාධිපති තන්තිරිමුල්ලේ සරණ යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා ධාතු කරඬුව භාරව පෙරහරෙහි වැඩම කරති.
පෙරහර පෙලගැස්වීම උද්‍යාන වීදියේ සිදුකෙරෙන අතර ශ්‍රී ජිනරතන පාර, හුණුපිටය වැව පාර, ඩබ්ලිව්.ඒ.ඩී රාමනායක මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත, පෙරහර මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය දක්වා පෙරහර ගමන් ගනී.
ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කිරින්දේ අස්සජි, පාලටුවාවේ ජිනරතන යන හිමිවරු නවම් මහා පෙරහර සංවිධාන කටයුතු මෙහෙයවන අතර පෙරහර වීදි සංචාරයේ දර්ශන www.gangaramaya.com ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
නවම් මහා පෙරහරට ආශිර්වාදය පිණිස පසුගිය 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සතියක් පුරා මල් පෙරහර ක් ද පැවැති අතර දෙස් විදෙස් සැදැහැවත්තු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංගාරාම නවම් මහා පෙරහර හෙට