(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද(13) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත.
වෙඩි ප්‍රහාරය බිමට එල්ලවී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටිති.
එම යුවළගෙන් සැමියා එසේ පැන යාමට උත්සාහ දරද්දී ඔහු මෙල්ල කිරීමට එසේ වෙඩි තබා ඇතැයි ද පසුව සැකකරු අල්ලාගෙන යළි බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ ..
ඉලක්කය වැරදීම ගැන කණගාටුයි .
මම නම් හිතුවේ පොලිස්කාරයන්ට වඩා බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තියන්ඩ පුළුවන් කියලා....