(රංජන් කස්තුරි)

රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට, ග්‍රාම නිලධාරීවරුන් සංවර්ධන නිලධාරීන්ට මීළඟ අදියරේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසී ය.

ඒ අනුව මේ වන විට ලැබී ඇති එන්නත් වලින් එම නිලධාරීන්ට ප්‍රථමයෙන් එන්නත් ලබා දෙන බවද ලේකම්වරයා කීවේය.

ඉදිරි දින වලදී ගාම නිලධාරීන් ඇතුළු පිරිසට මෙන්ම ලබා දෙන හෙයින් වර්ජනය අතහැර මහජන සේවාවන් කාර්යක්ෂම කිරීමට කැපවන්නැයිද ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා පැවසීය