චමිල් රූපසිංහ
කිලෝ 15 ක් පමණ බරකින් යුත් කැබැල්ලෑවෙක් පමුනුව දැලිවල වික්‍රමසිංහ මහතාට අද (12) හමුවී ඇත.
සතුන්ගෙන් හෝ මිනිසුන්ගෙන් කැබැල්ලෑවාට හිරිහැරයක් වේයැයි සිතා අසල්වැසියන්ගේ සහයෝගයෙන් කැබැල්ලෑවා අල්ලා බැරලයකට දමා දවුලගල පොලිසියට කතා කර සතාට හිරිහැරයක් නොවන ලෙස ආරක්ෂාකාරී ස්ථානයකට මුදා හරින ලෙස ඔවුන් පොලිසියට පවසා තිබේ.
දවුලගල පොලිසිය වනජීවි කොළඹ කාර්‍යාලයට කතා කළ පසු එම සතුන් පවුලක් ලෙස ජීවත් වන බැවින් යම් තුවාලයක් සිදුවී නොමැතිනම් මුදා හරින ලෙස පොලිසියට වනජීවී කාර්‍යාලයෙන් උපදෙස් දුන් පසු එම සතාව මුදා හැරියත් නැවත කැබැල්ලෑවා නිවසටම පැමිණ ඇත.
වඳවී ගෙන යන සත්ව වරගයෙක් වන මෙම කැබැල්ලෑවන් ජෛව විවිධත්වයට වැදගත් වන සතෙක් වන අතර දිවයින පුරා සිටින සත්වයෙක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු සායනික විද්‍යාව පිළිබද මහාචාර්‍ය අශෝක දංගොල්ල මහතා පවසයි.
කිසිවෙකුට හානියක් නොකරන ලෝකය පුරා සීග්‍රෙයන් වදවි යන සත්ව ඛාන්ඩයකට අයත් මෙම සත්වයා ඉන්දියාව,ශ්‍රී ලංකාව,භුතානය ආදී රටවල තැනිතලා ප්‍රදේශයන් සේම කදුකර ප්‍රදේශයන් වලද ඇති මෙම සත්වය විද්‍යාත්මක නාමයෙන් Maniscrassicaudata හඳුන්වන බවද දංගොල්ල මහතා පැවසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණු නෑයෙක් වෙන්න ඇති, ඒකයි නැවත නැවත ගෙදරටම රිංගන්නේ.
ඈයා නමින් හඳුන්වන්නේත් මේ සතාමද? ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට මෙවැනි සතුන් ජීවත් වෙන ප්‍රදේශ වල මිනිසුන් දැනුවත් කර ගැනීම ඉතා වැදගත්. හැට හත් හැවිරිදි වියේ පසු වන මට තවමත් හෝඩි (බාලාංශ පන්තියේ) පොතක ඈ අකුර යටතේ ඈයා නම් සතෙකුගේ රූපයක් තිබුන මතකයි. එසේ හඳුනනන්නෙත් මෙම කබල්ලාවා යන සතාමයි නොවේද ?
ජනදිපතිවරයා මුලසිටම වරද්දාගත්හ. SLFP ඇමතිවරු සම්මුති ආණ්ඩුවේ ඉදගෙන වරප්‍රසාද බුක්තිවිදිමින් ආණ්ඩුවට පහර දුන්නා. හොද ඔක්කොම අපේ නරක UNP එකේ යන මතය ඔව්න් සමාජ ගත කලා . ජනදිපතිවරයා මෙයට ඉඩ හැරියා. අගමැතිවරයා මෙහිදී ඉවසීමෙන් කටයුතු කල බව අප දුටුවේ .
ඉත්තෑවාගේ ගෙට කැබැල්ලාව අවා වගේද දන්නේ නෑ
මේ සතා පිළිබඳව comments කරල තියෙන අකාරයෙන්ම පෙනෙනවා රටේ බහුතරයකගේ දැනීම සහ පරිසරය ජයිව විවිදත්වයක ඇති වටිනාකම පිළිබඳව තියෙන සංවේදී බව කිසිවෙකුටත් හිරිහැරයක් නැති මේ අහිංසක සතවයින්ට අද ඔවුන්ගේ වාසභූමි අහිමි වී ජීවිතයත් මරණයත් අතර සටනක සිටින වටිනා සතෙක් ලෝකයේ නිර්මලම ආගම අදහන රටේ කෝ එම මනුස්ස කම් ?
මෙයාලව චීන අයගෙන් බේරගන්න ඕනේ. චීනයේ කැබැල්ලාවෝ කියන්නේ අති සුඛෝපබෝගී ආහාරයක්. පාරම්පරික බෙහෙත් වලට ගන්නවා මෙයාලගේ කොරපොතු.