(විනීතා එම් ගමගේ)
කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයකු සේවා ස්ථානයේදී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොරියාවේ තේගු පෙදෙසේ කම්හලක සේවය කළ තිස් පස් හැවිරිදි චාම් සෞම්‍ය පාලිත නමැති තරුණයෙකි. ඔහු කෑගල්ලේ පදිංචිව සිටි අයෙකි.
නූල් ඔතන යන්ත්‍රයක පැටලී තිබූ නූල් ඇද දැමීමට යද්දී එකී යන්ත්‍රය තුළට වැටී මෙම තරුණයා තුවාල ලබා ඇති අතර එම අනතුර වූ ස්ථානයේ දීම ඔහු මිය ගොස් ඇතැයි පැවැසේ.
2008 වසරේ කොරියාවට ගොස් ඇති අතර මේ වනවිට වීසා නැතිව නීති විරෝධීව රැදී සිටිමින් සේවය කළ අයෙකි.
COMMENTS
සොයුර ඔබට නිවන් සුව පතනවා... !!!
හරිම කණගාටුදායක පුවතක්. " ඔබට නිවන් සුවය ලැබේවා"
පව් අහිංසකයා... නිවන්සුව පතනවා. අපේ විදේශ සේවා එකෙන් නම් මුකුත්ම කෙරෙන එකක් නැහැ. වීසා නැතුව හිටිය කියලා ඇඟ බේරා ගනීවි...
සෙනරත් මහත්මයාගේ කතාව හරි. වීසා ඇති නැති කතාව වැඩක් නෑ. වීසා නැතුව ඉඳලා හරි හම්බ කරපු සල්ලි එව්වේ ලංකාවටනේ. එතුමා ලාංකිකයෙක් නිසා දේහය ලංකාවට ගෙනත් පවුලේ අයට භාර දෙන්න ලංකා රජය කටයුතු කළ යුතුයි.
ලෝක සම්මත නීති රාමුව තුල දැන දැනම මොහුගෙන් අනවසරයෙන් සේවය ලබාගත් සමාගම මොහුගේ ජීවිතයට වගකිව යුතුයි. මොහු මෙම ආපදා සහිත ක්‍රියාකාරකමට යොමු කරන්න ඇත්තේ මොහුගේ මෙම වීසා නොමැතිකම ප්‍රයෝජනයට අරගෙනයි. එසේනම් නීතිප්‍රකාරව, මොහුගේ පවුලට සුකොපභෝගී ජීවිතයක් (කොරියානු මුල්‍ය මිම්මට අනුව) ගතකිරීමට අවශ්‍ය සියලු වන්දි සහ පහසුකම් සැලසිය යුතුවේ. ඉතාලිය සහ යුරෝපයේ ක්‍රමය මෙයයි.
සුමංගල හාමුදුරුවනේ, අපිට එයාර්පෝර්ට් එකේදී හමුවෙනවා විධේශ සේවා එකේ ගාස්තුව රුපියල් 3,900 ගෙවා ගන්න බැරිව ලතවෙන අඩු වැටුපට පිටරට් සේවය කරන උදවිය. මේ උදවියට කෞරුහරි මුදල් නොගේඋවොත් වෙන්නේ ආපසු ගෙදර යන්න . විධේශ සේවා එකෙන් නම් කිසිම සමාවක් නැහැ. ඒ රටේ එම්බසියට ගෙවන්න කියලවත් මේ උදවියට යන්න දෙන්නේ නැහැ. එහෙම උනාම වෙන්නේ මේ මිනිස්සු තවත් අසරණ වෙනවා. අලුතෙන් ගුවන් ගමන් බලපතත් ගන්න වෙනවා. එහෙම තම අපේ විධේශ සේවා එක , විදේශ සේවයේ ඉන්න උදවියට සලකන්නේ.