IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැඳවයි

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම මේ වන විට අරඹා තිබේ.
 
පසුගිය 26 වැනිදා අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර, මේ මස 29 දින දක්වා  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මධ්‍යස්ථාන 18 කදී සිදුකෙරේ.
 
ඇගයුම් මත ලකුණුදීමේ ක්‍රමවේදය යටතේ  මෙම කොරියානු භාෂා විභාගය පැවැත්වේ.
 
අයදුම්පත් නිකුත් කිරීමේ පළමු දිනයේදීම  අයදුම්පත්  4998ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අයදුම්පත් ප්‍රමාණය නිකුත් කර ඇත්තේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙන් බව කාර්යාංශය පවසයි.
 
දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර අංශයන්හි රැකියා සඳහා මෙම අයදුම්පත් නිකුත් කිරීම සිදුකෙරේ. විභාගයට අයදුම්පත් ලබාගැනීම සඳහා විභාග අපේක්ෂකයා පෞද්ගලිකව ඉදිරිපත් විය යුතුය.
 
දකුණු කොරියානු රැකියා ලබාදෙනු ලබන්නේ කොරියාවේ රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යාංශය මගින් වන අතර, එම රැකියා පරිපාලනය කරන ලබන්නේ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් වන අතර  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි සම්බන්ධිකරණ කටයුතු සිදුකරයි.
 
දකුණු කොරියානු රැකියා සදහා ඊට අමතරව කිසිදු පුද්ගලයෙකුට මැදිහත්විය නොහැකි අතර, කොරියානු රැකියා සදහා වෙනත් අතරමැදි පුද්ගලයින්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

කොරියානු රැකියා සදහා අයදුම්පත් නිකුත් කිරීම පිළිබදව වැඩිදුර තොරතුරු අදාළ මධ්‍යස්ථානයේ දුරකථන අංකය අමතා ලබාගත හැකිය.

(36698)

 



අදහස් (2)

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැඳවයි

Nissanka Thursday, 28 March 2019 08:37 AM

අපේ ආණ්ඬු වලට වඩා අපිට රැකියා අවස්ථා ලබා දෙන කොරියාවේ ආණ්ඬුවට අපේ උත්තමාචාරය​

:       0       57

ප්‍රීති Thursday, 28 March 2019 11:50 AM

සිංහල ඉගෙන ගෙන ලංකාවේ හිඟා කනවාට වඩා, වෙනත් රටක භාෂාවක් ඉගෙන ගෙන ඒ රටක රැකියාවක් කර පදිංචිවීමට සැලසුම් කිරීම කෝකටත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site