IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කර්නල් ජයන්ත මැරූ කොටි සාමාජිකයෝ වරද පිළිගනිති


 
(උපාලි ආනන්ද)

 
ශ්‍රී ලංකා යුද හමුදාවේ  ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව  සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්  වරද පිළිගැනීමට සූදානම් බව   නඩුවේ  විත්තිකාර හිටපු එල්ටීටීඊ සමාජිකයෝ දෙදෙනා අනුරාධපුර  මහාධිකරණයේ  විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක  මහතාට අද දැනුම් දුන්හ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට  කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී  ශ්‍රී ලංකා යුද හමුදාවේ  ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව  සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනෙකු වෙඩි තබා මරා දමා තිබිණි. 

විත්තිකාර හිටපු කොටි සාමාජිකයින් දෙදෙනා වරද පිළිගන්නා බවට කර ඇති ප‍්‍රකාශය පිළිබඳව අධිකරණයේ  සහ නීතිපතිවරයාගේ  ස්ථාරවරය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රියාස් බාරි මහතා ලබන 29 වැනි දා අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව දැනුම් දීමට  විනිසුරුවරයා  තීරණය කළේය.



අදහස් (2)

කර්නල් ජයන්ත මැරූ කොටි සාමාජිකයෝ වරද පිළිගනිති

රජින්ද Monday, 26 March 2018 10:17 AM

අවුලක් නැහැ.. දැන් වරද පිළිගත්තනේ.. ඒ නිසා සමාව ලැබෙයි. මේ රටේ ඉන්නේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පපුව උණුවෙන නායකයින් නිසා බය වෙන්න දෙයක් නැහැ. හැබැයි වැරදිලාවත් ත්‍රස්තවාදියෙක්වත් මරන්න එපා. එහෙම වුනොත් මරණ දණ්ඩනයත් ලැබේවි. මේ රට ඒ තරමට පිස්සන් කොටුවක්.

:       0       177

abaran Monday, 26 March 2018 10:19 AM

එතකොට කොබ්බෑකඩුව මහත්තයා මරපු වරද අහවල් කට්ටිය පිළිගන්නවද? ඒ ගැනත් වාර්තාවක් සපයලා දඬුවම් දුන්නු දවසට තමයි අපේ හිතට සැනසුමක් දැනෙන්නේ...

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site