( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් “ කරුණා අම්මාන් ” අම්පාර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශය හේතුවෙන් නීතීයේ ආධිපත්‍යයත් , තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඔහුව වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයෙකු අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයෙක කඩුවෙළ බෝමිරියේ පදංචි බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් “කරුණා අම්මාන්“ සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු වෘත්තීයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වේ.එසේම කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයෙකුද වේ.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග වදි. ඉකුත් 20 වන දා අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමන් අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබ ඇත.
මෙම ප්‍රකාශය තුළින් කරුණාඅම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇත. සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් ද වේ.
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ පිළිබඳ රහස් පොලීසියට පැමිණිලිකර ඇත. අපි සැවොම නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතුය.
එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , විනාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
COMMENTS
අපේ මහරජතුමාගේ අවසරයෙන් ජාතික ලැයිස්තුවේ එන මේ වීරෝදාර මහතාව කොහොම අත්අඩංගුවට ගන්නද අපේ හාමුදුරුවනේ...?
මහින්ද රාජපක්ෂ කරුණාව බේරන්න දැන් කියනවා ප්‍රේමදාසත් කොටින්ට ආයුධ දුන්නයි කියලා. රාජපක්ෂලාත් 2005දී ඡන්දය දිනන්න කොටින්ට මුදල් දුන්නයි කියලා ඔහුගේ සගයොත් කිව්වා. බලනකොට කරුණා, මහින්ද, ප්‍රේමදාස අතර වෙනසක් නැහැ. මෙදා පාර හරි ජනතාව බුද්ධියෙන් කතිර ගහන්න ඕනේ.
බොරුවැඩක්... බඩුත්, නඩුත් හාමුදුරුවන්ගේ, එකම රටක්... එකම නීතියක්...
කරුණා අම්මාන් ඔබ දෙමල ජනතාවට දුන්නු ලණුව කෑවේ ජෙප්පොයි, අලිමංකඩ, පාමංකඩ නොදන්නා ගොයියෝයි. මොකද ඒගොල්ලෝ හිටියේ ඇඳන් යට නිසා. අපි දන්නවා යුද්ධය කාලේ කිසිම අවස්ථාවක හමුදා සෙබළුන් 2000-3000ක් මැරුණා කියා වාර්තා වුනේ නැහැ. අනික හමුදාවම කියනවා 800ක් පමණ හමුදාව මරුණු සටන මෙහෙයවූයේ බාල්රාජ් සහ බානු කියලා. කරුණා සහය දුන්න පමණක් බව. අනික ඒකාලේ එපමණ මරුනානම් වග කීම ගන්න ඕනේ අපේ නායකයින්...