IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල මහ රෝහලට කුඩම්මාගේ හැන්දෙන් බෙදීමට විරෝධය

( රංජන් කස්තුරි) 

 මේ වසරේ සිට අලුතින් ආරම්භ කළ වයඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයට  ශික්ෂණ රෝහල ලෙස  කුලියාපිටිය රෝහල භාවිත කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍යවරු දැඩි විරෝධය පළ කරති.

වයඹ පළාතේ ප්‍රධාන නගරය වන  කුරුණෑගල පිහිටි මහ රෝහල විශේෂිත පහසුකම් සහිත රෝහලක් වන හෙයින් එය ඉතා පහසුවෙන් ශික්ෂණ රෝහලක් ලෙස භාවිතයට ගත හැකි යැයිද එසේ නොකර කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක තත්ත්වයක් බවට පත් කිරීම  අත්‍යවශ්‍ය දෙයක් දැයි කුරුණෑගල මහ රෝහලේ ළමා රෝග විශේෂඥ දයානන්ද බණ්ඩාර මහතා පැවසීය.

කුලියාපිටිය රෝහල ශික්සණ රෝහලක තත්ත්වයට උසස් කළද  මාර්ග පහසුකම්,පාසල් හා වෙනත් යටිතල පහසුකම් නැති හෙයින් ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් රඳවා ගැනීමේ ගැටළු මතුවන බවද එම නිසා  වෛද්‍ය සිසුන්ගේ  අධ්‍යාපනයට ඉන් හානියක් වන බවද විශේෂඥ වෛද්‍ය බණ්ඩාර මහතා කීය.


කුරුණෑගල මහ රෝහලේ විශේෂිත පහසුකම් අතර තැලසිමියා ,පර්යේෂණ ඒකකය වන අතර ශ්‍රී ලංකාවේ රෝහලක තිබෙන එකම ඒකකය බවද ඔහු පැවසීය.



අදහස් (8)

කුරුණෑගල මහ රෝහලට කුඩම්මාගේ හැන්දෙන් බෙදීමට විරෝධය

himal Sunday, 12 August 2018 12:29 PM

දැන් මේ වෛද්‍යවරයාට අවුල තියෙන්නේ කුලියාපිටිය රෝහල දියුණු වෙන එකද? නැත්නම් තමන්ගේ තත්ත්වය පහළ බහින එකද?

:       210       393

SKSunday, 12 August 2018 05:53 PM

ඔය දෙකම නෙවෙයි- කුලියාපිටිය රෝහලට වැඩියෙන් දොස්තරලා අාවොත් තමුන්ගේ චැනල් අාදායම පහළ බහින එක.

:       105       259

Nayani Sunday, 12 August 2018 01:13 PM

පේරාදෙණියේ ටීචින් හොස්පිටල් එක මහනුවර මූලික රෝහල නොවෙයි. මේ මොන විකාරද? දොස්තරලාට පුදුම විරෝධතානේ තියෙන්නේ...

:       118       281

Hafeel Sunday, 12 August 2018 01:27 PM

මේ ආණ්ඩුවෙන් කුලියාපිටියට වැඩි සැලකිල්ල. දසදහස් ගණන් රැකියා දෙන වොක්ස්වැගන් කාර් ගරාජුත් කුලියාපිටියට...

:       28       46

ranjith Sunday, 12 August 2018 01:54 PM

ප්‍රධාන නගර පහසුකම් සහිත ප්‍රදේශවල විතරද දියුණු කළ යුත්තේ..? මේ ආකල්ප වෙනස් කළ යුතු කාලය දැන් ඇවිත්...

:       66       242

JCN Sunday, 12 August 2018 04:59 PM

කුලියාපිටිය රෝහල් පමණක් කිසිසේත් ප්‍රමාණවත් නෑ වෛද්‍ය පීඨයකට. අනිවාර්‍යයෙන් සායනික පුහුණුවට ශිෂ්‍යයින් කුරුණෑගලට එවන්නම වෙනවා. මොකද ඒක ලංකාවේ අතලොස්සක් වන තෘතියික රෝහල් වලින් එකක්. පේරාදෙණිය ශික්ෂණ රෝහලක් වුණාට එහි මූලිකවම පුහුණුව දෙන්නෙ අවසන් වසර ශිෂ්‍යයින්ට පමණයි. අන් සියල්ලන් මහනුවර ගම්පොල වැනි රෝහල් වලින් තමා පුහුණු වන්නෙ. මම දන්න විදියට පේරාදෙණිය තියෙන්නෙ විශ්ව විද්‍යාලයට අනුබද්ධ "මහාචාර්‍ය ඒකක" නමින් හඳුන්වන වාට්ටු කීපයක් පමණයි. කුලියාපිටිය රෝහලත් "මහාචාර්‍ය ඒකක" වලට සීමා කරල අනෙකුත් උප විෂයන් සඳහා කුරුණෑගල යොදා ගන්නවා නම් ඉතා ප්‍රයෝජනවත් වේවි. මොකද අමුතුවෙන් උප විශේෂඥ වාට්ටු කුලියාපිටියෙ හදන්න යන එක තේරුමකුත් නෑ ඒක කරන්න ලේසිත් නෑ. උදෙන්ම බස් එකේ පටවලා ශිෂ්‍යයො ටික කිලෝමීටර් 40 ක් විතර (පැයකට අඩු දුර) දුරින් තියන කුරුණෑගල රෝහලට එවන්න පුලුවන්. ප්‍රායෝගිකයි.

:       0       67

sk Sunday, 12 August 2018 05:37 PM

පීඨය හදන්නේ කුලියාපිටියේ නම් කිලෝමීටර 40 ක් දුරින් අැති කුරුණෑගල රෝහලට සායනික පුහුණුව වෙනුවෙන් සිසුන් යැවීමට යෝජනා කිරීම පදනම් විරහිත දෙයකි. ඒ සඳහා අමතරව වැය වන කාලය හා ප්‍රවාහන වියදම මෙන්ම සිසුන් නිකරුනේ වෙහෙසට පත් විම ද සලකන විට කුලියාපිටිය රෝහල යොදා ගැනීම වඩා ප්‍රායෝගික බව පැහැදිලි කරුණකි. සිසුන්ගේ නේවාසිකාගාර අැත්තේද කුලියාපිටියේය. අනෙක් අතට කුලියාපිටිය මුලික රෝහල ශික්ෂණ රෝහලක තත්ත්වයක් බවට පත් කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවට ද යහපතක් වනු අැත. කුරුණෑගල වෙෙද්‍යවරුන් බියවී අැත්තේ කුලියාපිටිය රෝහලට වැඩිපුර ආචාර්යවරුන් මහාචාර්යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් පැමිණියහොත් සිය චැනල් අාදායම අඩුවීමට ඉඩ අැති නිසා බව මගේ අදහසයි.

:       138       350

සනත් Sunday, 12 August 2018 05:44 PM

මේ රෝහල් දෙකම පවිච්චි කරන්න පුලුවන්. මහාචාර්ය ඒකක කුලියාපිටිය රෝහලෙත් සෙසු ඒකක කුරුණෑගල රෝහලෙත් පැවැත්වුවොත් වෛද්‍ය ශිෂ්‍යයන්ට වැඩි සායනික පලපුරුද්දක් ලබාගත හැකිවෙයි.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site