තරිඳු ජයවර්ධන,නිමන්ති රණසිංහ
මාධ්‍යවේදී කීන් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමට ආධාර අනුබල දුන්නැයි අත්අඩංගුවට ගත් ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
අමල් කරුණාසේකර මහතා පෙරේදා යුද හමුදා රෝහලට ඇතුළත් වී තිබුණු අතර ඊයේ සවස එම රෝහලට ගිය රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලේ සිටි අමල් කරුණාසේකර මහතා පරීක්ෂා කර බැලූ ගල්කිස්ස අංක තුන අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඔහු රිමාන්ඩ් කරන ලෙස අද (6) සවස නියෝග කළේය.
ලබන නව වැනි දා එම්ආර්අයි පරීක්ෂණයකට යළිත් යුද හමුදා රෝහලට ගෙන ඒමට අවශ්‍ය යැයි කී හෙයින් ඒ සඳහා යොමු කරන ලෙස ද බන්ධනාගාර අධිකාරීට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අවශ්‍ය පරිදි ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස ද කියෝග කළේය.
මාධ්‍යවේදීන් කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමේ සිද්ධියට සැකපිට මීට පෙර අත්අඩංගුවට ගත් ත්‍රිපෝලි යුද හමුදා කඳවුරේ බුද්ධි අනු කණ්ඩයේ අණ දෙන නිලධාරී මේජර් බුලත්වත්ත ඇතුළු පිරිසට එම අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගත්තේය.
මීට පෙර රහස් පොලිසිය කළ ඉල්ලීමක් සළකා බැලූ අධිකරණය කරුණාසේකර මහතාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබිණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඒ මහතා විශ්‍රාම ගැනීමත් සමඟ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක ලෙස පත් කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 21
159
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
231
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කීත් නොයාර් සිද්ධියට අත්අඩංගුවට ගත් මේජර් ජනරාල් රිමාන්ඩ්
Aluthgama A. Samathasena. Friday, 06 April 2018 11:58 AM
ජාත්‍යන්තරයේදී පුවත්පත් කලාවේදීන් හඳුන්වන්නේ නිලනොලත් රජවරුන් හැටියටයි. එහෙත් අප රටේ හමුදාවේ ඉහල නිලයක් ලබපු සමහරුන් ඒවා දන්නේ නැත. ඔවුන් සිතන්නේ නිහතමානී උගත් මිනිසුන් නිවටයන් ලෙසටයි.
Sapumal.Sunday, 08 April 2018 09:19 AM
මෙයට අන්ලයික් රැසක් දමා ඇති අය සාධාරණ අය නම් වෙන්නට බැහැ. එසේත් නැතිනම්, කාගේ හරි මුදලකට එසේ කරනවා විය හැකියි. කෙසේ වෙතත් මේ අය ගැන පරීක්ෂා කළහොත්, රහස් පොලීසියට සමහරවිට වැදගත් තොරතුරු සොයා ගැනීමට හැකිවේවි !!!
Chanak Los angeles Friday, 06 April 2018 05:15 PM
රට මුදාගත්තා කියා පම්පෝරි ගහන පුද්ගලයෝ කර තිබෙන්නේ එසේ මෙසේ වැඩනම් නොවේ. මේවා එලියට එන නිසා තමයි අත්අඩංගුවට ගැනීම් වලක්වන්න උසාවි නියෝග අරගන්න හදන්නේ
Upul Saturday, 07 April 2018 04:48 AM
නිලයේ ගෞරවය රකිනවා වෙනුවට දේශපාලකයින් සතුටු කිරීමට යැමේ ප්‍රතිඵල...