ඉන්දිකා රාමනායක
පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
කීත් නොයාර් මහතාගේ නඩුවේ විමර්ශන නිලධාරීන් වශයෙන් කටයුතු කරන සහකාර පොලිස් අධිකාරි බී එස් තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්වරුන් මෙලෙස ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර බලා ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මොවුන් ඉකුත් සතියේ දිනක දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර කීති නොයාර් මහතාගෙන් ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු ඔවුන් මෙම මස 28 දින යළිත් මෙරටට පැමිණීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කීර්ති නොයාර් මහතා මෙරටට කැඳවා තිබුණ ද ඔහු මෙරටට නොපැමිණීම හේතුවෙන් පොලිසිය ඔහු සොයා ඔස්ටේ‍්‍රලියාවට ගොස් තිබුණි.
2008 මැයි 22 දින රාත‍්‍රියේ කීත් නොයාර් මහතා පැහැගෙන ගොස් පහර දී වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් අමල් කරුණසේකර (විශ‍්‍රාමික) මහතා ඇතුලූ හමුදා සාමාජිකයින් අට දෙනෙක් සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
COMMENTS
ස්කයිප් , වයිබර් මගින් කට උත්තර ගන්න පුළුවන්නේ .
හම්මේ ඉතින්. ඌ එන්නැත්තං අපි හරි ගනී ලගට ගිහින්
හම්මේ ඉතින්. උන් එන් නැත්තන් අපි හරි ඌ ලඟට ගිහින් කට උත්තරෙ අරන් මුන් 9 දෙනාව හිරේ යවන්න එපෑ.... පොලිසියේ මේ උනන්දුව අනිත් පැමිණිලිවලටත් තිබ්බනම් හොදයි.
අනේ මෙහෙම විගඩන් ගණන් කල නොහැකි තරම් මහා නොවිසින්දෙනු අපරාද ගොඩක් හමස් මල්ලට දාලා මිලියන් ගානක් මහජන වියදම් කරමින් යල් පැනගිය මේක විතරක් විසඳන්නට තියෙන උනන්දුව බලන්නකෝ . ඔහු සාක්කි දීමට අකමැතිනම් අය පස්සෙන් යන්නේ ඔහුට මෙරටට එන්න මුදල් නැත්නම් ඒ පහසුකම සලසුවනම් මේ වියදම අඩකින් අඩුකරගන්න පුළුවන් නේද අැයි රටේ බදු සල්ලි මේ විදියට නාස්ති කරන්නේ