රංජිත් රාජපක්ෂ
නුවරඑළියේ සිට ගම්පහ දක්වා ධාවනය වු මෝටර් රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරලි එම මෝටර් රථය තුල තිබි කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් ගොඩ ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි.
අද (18) පස්වරු 4.00 ට පමණ ධාවනය වෙමින් තිබු මෝටර් රථය ජලාශයට පෙරලි මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසයි.
ජලාශයට පෙරලූණු මෝටර් රථයේ තිබි ප්රදේශවාසින් එක්ව ගොඩ ගත් සිරුරු දෙක ලිදුල ප්රාදේශිය රෝහල වෙත යොමු කර තිබේ.
මෝටර් රථයේ තිබි කුඩා ළමයෙකුගේ සනීපාරක්ෂක තුවායක් හමුවි ඇති අතර ඒ පිළිබඳව පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
අධික වේගයෙන් ධාවනය වී ඇති මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ජලාශයට පෙරලි ඇති බව තලවාකැලේ පොලිසිය කියයි.
මෝටර් රථයේ ගමන් ගත් අය ගම්පහ නැදුම්ගමුව ප්රදේශයේ පදිංචිකරුවන් බවට දැනට හදුනාගෙන ඇත.
ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි






ඡායාරූප - රංජිත් රාජපක්ෂ



ඡායාරූප - ගාමිණි බණ්ඩාර




COMMENTS
Reply To:
-
වේගය මරුවා කැදවයි. මෙහෙම නාම පුවරු කොපමණ නම් හැම තැනම සවි කර තිබෙනවද. මේ තරුණ පිරිස් මේවා සලකන්නේ නැහැ. අපරාදේ අකාලයේ මිය යනවා. වාහන අනතුරුවලින් බහුතරයක්ම සිදු වන්නේ නොසැලකිල්ල නිසා.
ඔය ඇල්ටෝ , මරුටි කිසි ප්‍රමිතියක් නැති වාහන. ඒ මදිවට ඕව ගන්න අයත් හිතන් ඉන්නේ ඊට වඩා වහන නැහැ කියලා පරිස්සමින් ඔලුව උදුම්මගන්නේ නැතුව යනවා නම් මොකුත් වෙන්නේ නැහැ.
අනේ පව් . අපිත් ඔහොම ගමන් යනවනේ. දකිනකොට බය හිතෙනවා දැන්.