මනෝප්‍රිය ගුණසේකර
හෙරොයින් ග්‍රෑම් තුනක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (20) ජීවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මීට වසර 05 කට පෙර කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 3.52 ක් ළඟ තබා ගත් බවට වු චෝදනා පැමිණල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆයිරූස් නමැත්තෙකුටය.
2013 දෙසැම්බර් මාසයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 3.52 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණි.
පොලිස් දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබ ඇති බව නඩු විභාගයේදී හෙළි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ග්‍රෑම් එකක් කීයක් විතර වෙනවද,?
අපි මේ ලියන දේවල් වලින් වැඩක් නැ. දැන් ලංකාවේ හැම දේම විහිළුවක් වෙලා. මහා පරිමානන්යෙන් කරන අය එළියේ කිලෝ ගණන් ගෙන්වන අය ඒවාට උදව් කරන අය සේරම එළියේ