( තිලකරත්න දිසානායක)
රුපියල් කෝටි නවයකට අලෙවි කිරීමට ගෙන ආ ගජමුතු 8ක් සමග 39 හැවිරිදි පුද්ගලයෙක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (5) දහවල් අත් අඩංගූවට ගනු ලැබීය.
හස්තියකුගේ දළයෙන් ලබා ගත් බව කියන ගජමුතු කිහිපයක් අලෙවි කිරීමට ඇති බවට හොරගොල්ල උද්‍යාන බාර නිලධාරී රෝහණ ප්‍රදීප් මහතාට ලැබී ඇති රහසිගත තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.
එම ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් ගම්පහ මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ නියම කරගත් ස්ථානයකට විකිණුම්කරු ගෙන්වා ගෙන තිබේ.
එම ගජමුතු රුපියල් කෝටි නවයකට අලෙවි කරන බවට විකුණුම්කරු ගැණුම්කරුවන්ට පවසා ඇත.
ධනවත් ව්‍යාපාරිකයකුගේ නියෝජිතයකු ලෙස පෙනී සිටි රෝහණ මහතා මුදල් සියල්ල එකවර ලබාදෙන බව පවසමින් ක්‍රමයෙන් ගජමුතුවල මිල අඩුකරමින් රුපියල් කෝටි හතර හමාරකට මිල තීන්දු කර ධනවතාට ඒ බව දැනුම් දෙන අන්දමට ඇමතුමක් ලබා දී ඇත.මේ අනුව ධනවත් ව්‍යාපාරිකයා හමුවීමට සඳහා යාමට විකුණුම්කරු වාහනයකට නංවාගෙන ගම්පහ වනජීවී කාර්යාලය වෙත පැමිණ තිබේ.
මේ සමග ඉපැරණි පුරාවිද්‍යා සලකුණක් සහිත ගල් මංජුසාවක්ද තිබී ඇත. වතුපිටිවල රුග්ගහවිල ප්‍රදේශයෙහි පදිංචිකරුවකු බව කියන සැකකරුගෙන් මේ පිළිබදව ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ගෙවත්තෙහි වලක් හාරමින් සිටියදී මෙම මංජුසාව හමුවු බවත් ඒ තුළ ගජමුතු තිබු බවත් ය.



COMMENTS
ඉතින් ගෙවත්තේ තිබිල හම්බ උනානම් එක ඒ මනුස්සයටනේ අයිතිය.
ඇත්තට මට මේ නීතිය තේරුම් ගන්න බැ. මේක නීති විරෝධී කටයුත්තක් වෙන්නේ කොහොමද ? වෙන රටවල්වල මෙවැනි දේවල් සහ පුරාවස්තු ප්‍රසිද්දියේ වෙන්දේසි කරනවා.
හදිස්සියෙන් වත් අපේ වත්තේ තිබිල මැණික් ගලක් හම්බ වුනොත් මොකද කරන්නේ ? පොලිසියෙන් අල්ලයිද ?
දැන් ඉතින් මේවට මොකද කරන්නේ?
ඇත්තටම කිව්වොත් ගජමුතු කියලා දෙයක් නැහැ.විශේෂයෙන්ම අලි ඇතුන් ගැනම පරියේෂණ කරන සත්ව විශේෂඥයන්ගෙන් ඇහැව්වොත් මේක පැහැදිලි කරයි. ලෝකේ සමහර රටවල් ඉන්නවා ඒ රටවල් ඉන්න අලින්ගෙන් සීයට 90 කට වඩා දල පිහිටලා තියෙනවා. එහෙත් එම රටවල වත් ගජමුතු කියල දෙයක් නැහැ. ලංකාවේ අලින්ගෙන් සීයට 5 කටත් වඩා අඩු ප්‍රමාණයක තමයි දල පිහිටලා තියෙන්නේ. ඒකෙත් ගජමුතු මෙහෙම තියෙනවා නං අර අනික් රටවල් වල කොහොම තියෙන්න ඕනිද?
පාරෙ යන මනුස්සයෙක් ගෙනත් දුන්න මැණික් බෑග් එක වගේ මේක අයිති ඒ මනුස්සයටයි
ගෙවත්තේ තිබිල හම්බ වුණා නම් එ්ක ඒ මනුස්සයට අයිතිය කියන්නේ මේ හැමෝම, එ් මනුස්සය වත්තෙන් එම ගල් මංජුසාව හමු වුණෘ කියන එක විස්වාස කරනවද?
ගජ මුතු යනු හිඩැස් සහිත ඇත් දල තුල කැඩී ගිය කුඩා දල කැබලි දිගුකාලයක් තුල එහා මෙහා සෙලවීම තුලින් රවුන් බවට පත් වූ කැබලි පමණි. මේවා රවුන් වී ඇත්තේ බොහෝ කාලයක් තුල සලිත වීම තුලිනි. කිසිම වටිනා කමක් නැත.
මේවා සත5 කට වටින්නේ නැති ගල් ...... මේවා අපරාදේ කාලේ