IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ්

 ( ලහිරු හර්ෂණ )  
 

රුපියල් කෝටි 700 ක් වටිනා  නිල් දියමන්තියක් ඇතුළු මැණික් ගල් කිහිපයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මාර්තු 06 වැනිදා දක්වා  රිමාන්ඩ් කරන ලෙස  ගංගොඩවිල මහෙස්ත්‍රාත්  වසන්ත කුමාර මහතා  නියෝග කළේය.

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු බව කියන කේ කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නම් එම සැකකරු අද ( 20) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේදී  හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්  කරනු ලැබීය.
   
මෙම සැකකරු පොලිස් නිළධාරියකු ලෙස පෙනීසිටිමින් පන්නිපිටිය  ව්‍යාපාරිකයකුගේ නිවසට  පැමිණ දියමන්ති ඇතුළු මැණික් ගල් තොගයක් රැගෙන  පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.  එම සිදු වීමෙන්  පසු  ඊයේ (19)  මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද  ප්‍රදේශයේදී සැකකරු  අත්අඩංගුවට ගනු ලැබ අද අධිකරණයට ඉදිරිපත් කළේය.



අදහස් (10)

කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ්

Sunil Milano Wednesday, 20 February 2019 10:55 AM

මම නම් හිතුවේ වැරදීකින් ඇප ලැබෙයි කියලා....

:       151       247

Jayalath Wednesday, 20 February 2019 10:59 AM

මේකාගේ තව ගෝලයෝ තුන් දෙනෙක් ඉන්නවා වෙඩිකන්දෙම..මුන් ඒ පැත්තේ අහිංසක මිනිස්සුන්ව බය කරගෙන ඉන්නේ. වනවසලදී පළවෙනි මනුස්ස ඝාතනය කරපු වෙලාවේම මේකට මරණ දඩුවම දුන්නනම් අද වෙඩිකන්දේ මිනිස්සු විතරක් නෙමෙයි, රටේ ජනතාවත් නිදහසේ ඉන්නවා.

:       780       797

sarathWednesday, 20 February 2019 11:53 AM

ඇත්ත. මේ සියල්ලටම මුල අද රටේ නීති පද්ධතිය අපරාධකරුවන් නලවමින් සිටීමයි...

:       233       273

NuwanWednesday, 20 February 2019 05:17 PM

ඔහොම කියන්න එපා.. මේ අපරාධකරු හොරෙන් අඹ කැඩුවා නම්, පොල් ඇහින්දා නම් බලන්න තිබ්බ දෙන දඬුවම්.. ජීවිතාන්තය දක්වා හිරේ .. වාසනාවකට මිනීමරලා, මංකොල්ල කාලා විතරයි

:       105       239

smn Wednesday, 20 February 2019 12:15 PM

ඔය දියමන්ති කොල්ලයට මධුෂ්ලාව, අමල්ලාව ගාවගෙන කියපු කතා එහෙනම් බොරුද?

:       108       41

Akila Wednesday, 20 February 2019 01:11 PM

අපරාධකරුවොන්ව වහගෙන එක්කන් යන්නේ ඒගොල්ලොන් ආපහු එලියට ආවහම පරණ රැකියාවම කරගෙන යන්න පහසු වෙන්නද ?

:       103       135

chathuri Wednesday, 20 February 2019 02:03 PM

වැරදි කෙනාවද අල්ල ගත්තේ? කෝටි 700 දියමන්තියේ සහතික කරපු පිටපත තියෙනවද? මෙය තක්සේරු කරන්නේ කවුද මේ? දියමන්තියේ කතාව පිළිගන්න අමාරුයි අරාබියේ පස් ගොඩකින් හමුවෙන්නේ. හොර රහසේ මෙයගේනවා එතකොට. මොන ආයතනයෙන්ද මෙය තක්සේරු කෙරුවේ? කෝටි 700කියලා. අැයි ඒ දවසේ මෙය ප්‍රසිද්ධ? නොවුනේ...

:       130       72

පිටිගල මිලානෝ Thursday, 21 February 2019 01:52 AM

ඇවිල්ලා බේරගන්න කවුරුත් හිටියෙම නැද්ද?

:       0       0

isurandi Thursday, 21 February 2019 04:50 AM

අද කාවද විස්වාශ කරන්න පුළුවන්. අඩුම තරමේ තිබහට වතුර ටිකක් ඉල්ලගෙන ගෙදරට එන එකාවවත් විස්වාශ කරන්න අමාරුයි මේ වෙන අපරාද හැටියට අද කාලේ.

:       0       1

rizwan Thursday, 21 February 2019 06:45 AM

ඇයි මෙයාගේ මුහුණ වහල අරගෙන යන්නේ. ඒ තරමට සුචරිත චරිතයක්ද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1901 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1520 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site