බිඟුන් මේනක ගමගේ
2017 වසරට අදාළ 7 ශේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් (කෘත්‍රිම) කඩදාසියේ මුද්‍රණය කරමින් රුපියල් ලක්ෂ 1290 කට අධික අලාභයක් කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.
භූගෝල විද්‍යාව පෙළපොත රුපියල් 25,804,050.00 ක මුදලකට සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කිරීමට හැකියාව තිබියදී කෘත්‍රිම කඩදාසියේ එය මුද්‍රණය කිරීමට රුපියල් 154,743,750.00 ක මුදලක් වැය කර ඇතැයි විගණකාධිපති වාර්තාවෙන් හෙළිවන්නේ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව මෙම මුදල කෘත්‍රිම කඩදාසියේ පොත් මුද්‍රණය කිරීම වෙනුවෙන් රජයට දැරීමට සිදුවන අතිරේක පිරිවැයක් හෝ අලාභයක් ලෙස නිරීක්ෂණය වන්නේ යැයි එම වාර්තාවේ සඳහන් යැයි පවසන ස්ටාලින් මහතා ටෙන්ඩර් පටිපාටි නොතකා විධිමත් ඇගයීමකින් තොරව ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වයටද පීඩාකාරී වන ලෙස මෙම පොත මුද්‍රණය කර ඇතැයි එහි සඳහන් වන්නේ යැයි ද අවධාරණය කරයි.
විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් ආකාරයට රජයට කර ඇති විශාල අලාභය සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවේ නිර්දේශ වහා ක්‍රියාත්ම කරන ලෙසත් ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.
COMMENTS
පොත් සඳහා කොළ සපයන්නාත් ඒවා අනුමත කළ අනෙක් අයත් හොඳ ව්‍යාපාරයක් කරලා තියෙන්නේ. මේ හොරුන්ව වහාම අල්ලා ඇප නොදී නඩු අසා අච්චු කරන්න.
දුෂ්කර පළාත්වල පාසල් තියෙනවා හරියට ගොඩනැගිල්ලක් නැතිව, මේ තක්කඩි කෝටි ගණන් නිකම්ම වියදම් කරනවා කොමිස් ගහන්න. හෙන ගහන අපරාධ තමයි...
මේ කියන විදිහට හොඳයි අර බත් ඔතන සුදු කොළයක ගැහුවා නම්. මට හිතෙන විදිහට විගණකාධිපතිත් ස්ටාලින්ගේ ලොකු අයියා වගේ. පිටරට පොත් අරන් බලන්න විහිළු සපයන්නේ නැතිව...
ඒ වගේම මේ පොත්වලට අසත්‍ය තොරතුරු ඇතුළත් කරන අයට උල තියන්න ඕනෑ.
මේ වගේ ටෙන්ඩර් එකක් කැබිනට් අනුමැතියක් නැතිව යන්නේ කොහොමද?
භූගෝල විද්‍යාව වැනි පොත් කෘතීම කඩදාසියේ මුද්‍රණය කිරීමෙන් සිතියම්වල ඇති දෑ ප්‍රකෘති තත්වයෙන්ම වඩා නිවැරදිව උසස් ප්‍රමිතියකින් දරුවන්ගේ ඇස වලට උකහා ගැනීමට හැකිවන අතර සොයාබලා නිවැරදි කළ යුත්තේ යොදා ගෙන ඇති රසායනික මුද්‍රණ ද්‍රව්‍ය දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ද යන්නය. සමහර රසායනික මුද්‍රණ ද්‍රව්‍යය කුමණ කඩදාසියක යොදාගත්තත් සමහර අයට පමණක් යෝග්‍ය නොවන බව වෛද්‍යවරු දනී. එම පොත්පත් දරුවනට නිකුත් කිරීමට පෙර ගැලපෙන කාලයක් වාතයට නිරාවරණය කර තැබීමෙන් ආපදාව අවම කර ගත හැකිය. වැරදි ඇස්වලින් බැලීම සහ අන් අයව එසේ බැලීමට යොමු කිරීම ඔය කියන කාරණයටත් වඩා ජාතික අපරාධයකි.