( දිල්රුක්ෂි ග්‍රේරු )
මෙරව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ ස්ථානයන්හි ප්‍රදර්ශනය කරනු ලබන බැනර්, පොස්ටර් ඇතුළු ප්‍රචාරක දැන්වීම් සියල්ල ඉවත් කරගත යුතුබව ප්‍රධාන පක්ෂ සියල්ලට ලිඛිතව දැනුම් දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
පසුගිය 30 වැනිදා ලිඛිතව මෙය යොමු කර ඇති අතර ඊයේ ( 01) වන විට එම ප්‍රචාරක දැන්වීම් සියල්ල ඉවත්කළ යුතු බවටද එහි දන්වා තිබේ.
මේ වන විටත් ඉවත් කර නොමැති ප්‍රචාරක දැන්වීම් ගලවා ඉවත් කරන ලෙස අද (02) සවස ප්‍රධාන පක්ෂ නියෝජිතයින් කැඳවා උපදෙස් ලබා දෙන බවද කොමසාරිසවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මුණු තාප්පවල අලවලා තියෙනවා දැක්කහම උදේට කන්නත් නැහැ .
ඔබතුමා ගැඹුරු හඬින් කිව්වත් මැතිවරණ කාර්යාලය ආසන්නයේ ආයුර්වේද වටරවුම ආසන්නයේ සවිකර තිබෙන අති විශාල මැතිවරණ ප්‍රචාරක දැන්වීම ඔබට පෙනෙන්නේ නැද්ද? පසු ගිය ජනාධිපතිවරණයේදී හෝ මහ මැතිවරණයේදී ඔය ස්ථානය ආසන්නයේ ගරු ඇන්. එම්. පෙරේරා මහතාගේ පිළිරුව පිටුපසත් ඔවැනිම එකක් ප්‍රදර්ශනය කර තිබුනා. එයත් දැවැන්ත පූවරුවක්. පුදුමය ඔබතුමා කාර්යාලයට යන විට වත් ඕවා නොදැකපු එකයි.
පව් අප්පා. මුද්‍රණ කාර්යාලවලට තියෙන ඉල්ලුම නැති කරන්න එපා.
මේ නීතිය රාජපක්ෂලාටත් වලංගුද? නොදන්නා නිසයි අහන්නේ...