ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 12කට එෆ් - 15 ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උපකාර කරන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා චෝදනා කර තිබෙන අවස්ථාවකදී මෙම ගිවිසුම අත්සන් කර තිබේ.
ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් මහතා සහ කටාර් නියෝජිතයන් පිරිසක් හමු වී මෙම ගිවිසුමට අත්සන් තබා ඇතැයි වාර්තා වෙයි.
මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ ප්‍රහාරක යානා 15කට යැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර තිබිණි.
මෙම ගිවිසුමත් සමඟ කටාර් රාජ්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ආරක්ෂක සහ දෙරට අතරේ සහයෝගීතාව වර්ධනය වනු ඇතැයි පෙන්ටගනය විද්‍යුත් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කර තිබිණි.
ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස්.අයි.එස් සංවිධානයට එරෙහිව දැනට ක්‍රියාත්මක වන මෙහෙයුම් සහ ගල්ෆ් කලාපයේ මේ වන විට ඇති වී තිබෙන අර්බුද සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් මහතා සහ කටාර් රාජ්‍යයේ ආරක්ෂක කටයුතු අමාත්‍ය කලීඞ් අල් අතියාහ් මහතා සාකච්ඡා පවත්වා ඇත.
එෆ් - 15 ක්‍යු.ඒ ප්‍රහාරක ගුවන් යානා 72ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21.1කට අලෙවි කිරීමට ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකාව එකඟ වූ අතර එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වූයේ බොයිං සමාගමයි.
(රොයිටර් - 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කබරගොයා තලගොයා වෙයි . තවමත් ඇමෙරිකාවට වඳින හරක් ඉන්නවනේ ලංකාවේ ..........
පේනවනේ, ලෝක බලවතා උනහම තැනකට ගිහින් කොටවල, විරසක කරලා, දෙපැත්තටම ආයුධ විකුණගන්න පුළුවන්. ඔන්න ඔහොම තම නව අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙන්නේ. ඉස්සර වගේ රටවල් වලට පහර දීල අල්ලගන්න දෙයක් නැහැ.
"ප්‍රහාරක ගුවන් යානා 72ක්" මේ වගේ පොඩි රටකට මොකටද මෙච්චර ගොඩක්? දැන්වත් පේනවනේ මේ ඔක්කොම රගපෑමක් විතරයි කියල.
සෞදි / කටාර් කොටවන්න ඇමරිකාව වෙන මැදිහත් වීම දකිනකොට අපේ ලංකාව රත්තරන්. ආයේ වෙන එකෙක්ට ඇවිත් කොටවන්න ඉඩ තියල නැහැනේ. අපි අපිම පිල් බෙදිලා නිතරම කොටගන්නා ගමන් නේ ඉන්නේ. එක්කෝ දේශපාලනේට නැත්නම් ආගමට ඔය දෙකම දැලිපිහියේ දෙපැත්ත වගේ තමා. දැන් ඉස්කෝලෙක කෙල්ලෙක් හින්දවත් රණ්ඩුවක් වෙන්නේ නැහැ දේශපාලනේ සහ ආගම හින්ද නිතරම කොටගන්නා නිසා. අනේ අපේ පාසල් කාලය කොච්චර හොඳද, රණ්ඩුවක් උනත් ලජ්ජා නැතුව 'චිත්තෙකට' කියල කියන්න පුළුවන්.
ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන නියම තැනැත්තා කවුරුන්ද යනවග මෙයින් මොනවට පැහැදිලි වෙනවද.ගල්ෆ් කලාපයේ රටවල් බේදභින්න කරන්න හදන දෙපිටිකාට්ටු නියෝජිතයා කවුරුන්ද යනවග අපි කලින් ඉඳන්ම දන්නවා.
දැන් දැන් ඇමරිකාව අර අඳින්නේ අරාබි රටවල් අතර යුද්ධයක් ඇවිලවීමටයි. ලෝකේ ලොකුම පොලිස්කාරයා කිව්වට, ලෝකේ ලොකුම ත්‍රස්තවාදී ක්‍රියා කරන්නෙත් ඇමරිකාව සහ ඊශ්රාලයයි. මේවට විරුද්ධව කතා සහ ක්‍රියා කරන හැම රටක්ම "ත්‍රස්තවාදීන්" කියල ලේබලය ගහන්නෙත්, ඒවා ජනතාව අතරට ගෙනියන්නෙත් මොවුන්ගේ අතකොලු බවට පත්වෙලා ඉන්න ලෝක ප්‍රසිද්ධ යයි කියාගන්නා මාධ්‍ය ආයතනයි. මොවුන්ට විරුද්ධවූ රටවල්වල නායකයින්ට මොවුන් අත්කළ ඉරණම ඉතාමත් සෝචනීයයි. ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාෆි, වෙනිසුවෙලාවේ චාවේස් වගේ නායකයින්ට අවාසනාවන්ත මරණයන් අත්කරදුන්නේ මේ නරුම ත්‍රස්තවාදීනුයි.
ට්‍රම්ප් සෞදි ගිය එකයි, සෞදි කටාර් අර්බුදයයි සිදුඋනේ ඇයි කියල දැන් තමයි තේරෙන්නේ.
හතර හිනා !!! දැන් අර පහුගිය දවස්වල චෝදනා කල ත්‍රස්ත සංවිදානවලට සහය දෙනවා කියපු චෝදනා ඉවත්වෙයිද ? ඔන්න ආයුධ සෙල්ලම.
බලං ගියාම මේකටනේ ඇමරිකාව සෞදි උත්සහ කරලා තියෙනේ.
ඇමෙරිකන් සළුපට අහසට.....ඊයේ ත්‍රස්තවාදයට උදවු දෙන බව කී රටට අද බිලියන ගණනින් ආයුධ.............අනේ අපේ යහපාලන ය කඩේ යන ලොකු අයිය
නුමා, ඔයාගේ කතාවනම් සියයට සීයක් ඇත්ත. කටේ රත්තරන් දාන්න වටිනවා.