(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි තුන් ලක්ෂ අසූ පන් දහසක් (103,85,000) වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට තැත් කළ කැසිනෝ ක්‍රීඩකයෙකු උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .
මොහු තායිලන්තයේ බැංකොක් නුවර ව්‍යාපාර කටයුතු සිදු කරන 50 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි . ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කැෂිනෝ ක්‍රීඩා කිරීම සඳහා යැයි ඔහු රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්තර කරන මහත්තරුත් පනින රිලවුන්ට ඉනිමන් බදින්නේ නැතුව වැරදි වැඩක් කරාම ඒකට සුදුසු Headline එකක් දැම්මනම් හොද නැද්ද. මොකද කැසිනෝ කියන්නේ අපිටනම් ක්‍රීඩාවක් නෙවෙයි, ක්‍රීඩාවක් විදියට ගන්න රටවලුත් තියෙනවා ඇති. එත් මෙහෙට හොදමදියි කියල තමයි මට හිතෙන්නේ.