(මනෝප‍්‍රිය ගුණසේකර)
කොටකෙතන නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි අසල්වැසි නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළ විත්ති වාචක කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් වු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම ලබන මස 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විකුම් කළුආරච්චි මහතා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කළ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකාර අඹුසැමි යුවළ නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතීඥවරයා ඉල්ලීමක් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.
2012 ජනවාරී මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේදී නයනා නිලිමිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නමැති මව සහ දියණිය ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙලෙස කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කොට ඇත්තේ පාසල් යමිින් සිටි තරුණියක හා ඇගේ මවයි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඝාතනයට ලක්වුවන්ගේ අසල්වැසින් වු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරි`ද වන අශෝකා චාන්දනී කුමාරී හෙවත් බට්ටි නමැති දෙපළයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් දීර්ඝ සාක්කි විභාගයක් පැවැත්වු අතර පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ නීතීඥවරයා අධිකරණය අමතමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව ජුලි මස 25 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටකෙතනේ මව හා දියණිය ඝාතන නඩුවේ තීන්දුව කල් යයි