IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඕස්ට්‍රේලියානු රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

( දිල්රුක්ෂි ග්‍රේරු)

ඕස්ට්‍රේලියා රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරු මත ඕස්ට්‍රේලියානු රැකියා ලබාදෙන පවසමින් මුදල් එක් රැස් කළ මෙම කාන්තාව  බත්තරමුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාරිය රු.2,250,000 ක මුදලක් හා ගමන් බලපත්‍ර ලබා ගනිමින් සිට ඇත. මෙම වංචාවට හසු වු මාතර ප්‍රදේශයේ  පැමිණිලිකරුවකුගේ දැනුම් දීමක් මත සැකකාරිය අත්අඩංගුවටගෙන මාතර අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කාන්තාව දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රු.9,800,000කට ආසන්න මුදලක් වංචාකර ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

මෙම වංචාවට හසුවූ තවත් අය මේ වන විට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කරමින් පවතින බව විදෙස් රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.



අදහස් (3)

ඕස්ට්‍රේලියානු රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට

kalami Friday, 20 July 2018 08:26 AM

ජනතාව මෙතරම් රැවටෙන්නේ ඇයි? මුදල්දීමට පෙර කරුණු සොයාබැලීමක් නොකරන්නේ ඇයි?

:       0       6

Gihaan Friday, 20 July 2018 08:58 AM

මෙහෙමත් විචාර බුද්ධියක් නැති අයව කොහොමටත් දියුණු රටක රැකියාවකට තේරේවිද?

:       0       11

sanath Saturday, 21 July 2018 05:15 AM

මේවගේ වංචාකාරයෝ, වංචාකාරියෝ හඳුනාගන්න පුළුවන් වෙන්න නළලේ පච්චයක් කොටන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site