(නිමන්ති රණසිංහ)
ඒකාබද්ධ විපක්ෂය හෙට (05) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළියේ උද්ඝෝෂකයින් විසින් පාර්ලිමේන්තු වටරවුමේ සිට පොල්දූව වටරවුම දක්වා ඇතුළු වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට තලංගම පොලිසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස්න මහතා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.
යම් හෙයකින් උද්ඝෝෂකයින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් කටයුතු කළ හොත් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත ප‍්‍රකාරව සහ පොලිස් ආඥා පනත ප‍්‍රකාරව කටයුතු කරමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණයෙන් නියෝග නිකුත් විනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ උදවිය ආණ්ඩු කරන කාලේ නම් අධිකරණ නියෝග නෑ. කෙලින්ම විධායක නියෝග විතරයි. දැන් ඉතින් කට්ටිය කෑ ගහයි මර්දනය කරන්න හදනවා කියලා.