(ටී.කේ.ජී.කපිල)
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අබුඩාබි බලා ගුවන් ගත් ඉටිහාඩ් ගුවන් සේවයට අයත් A- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් අද (2) අලුයම ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරිවරයා ප්‍රකාශ කළේය .
මෙම ගුවන් යානය අද (2) අලුයම 4.28 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එහි මගීන් සහ කාර්ය මණ්ඩලය 455 ක් සිටියහ.
මෙම ගුවන් යානයට ඉන්ධන ලීටර් 40,000 ක් ලබා ගැනීමෙන් පසුව යළිත් උදෑසන 6.11 ට අබුඩාබි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබිණි.
COMMENTS
සිඩ්නි වලදී ඉන්ධන ගහ ගන්න අමතක වෙලා වගේ.
අනේ මාර ආඩම්බරයි අපිට මේ වගේ පුවතක් දැකීම... හොඳ වෙලාවට සිංහල භාෂාව ලෝකේ වෙන කිසිම රටක නැති වුණේ. තිබ්බනං එහෙම තවත් ආඩම්බර වෙන්න තිබ්බා...
කොතැනකදී හෝ වැරදීමක් සිදුව ඇත.
ඔන්න අපේ අයගේ ප්‍රවෘත්ති... රටකට ගිය කලක්..
මාර වැඩක්නේ මේක! ගුවන් යානයක් ඉන්ධන පුරවාගන්න කටුනායකට බස්සපු එකත් පොල්ගෙඩි අකුරෙන් දමන්න තරම් ආරංචියක්ද? ඕක එන පාර අයිනේ තිබුණු පැට්‍රල් ෂෙඩ් එකකට බස්සලා ඉන්ධන ගත්තා නම් තවත් කමක්නැහැ!
මෙය අපට විශේෂ සිදුවීමක්... කටුනායක ගුවන් පථය හැදුවේ මීට වසර 30පෙර නැවත අලුත් වැඩිය කර පවත්වාගෙන යනවා මෙහි විශාල ප්‍රමාණයේ ගුවන් යානා පැරණි ගුවන් පථය (දැන් ටැක්සි වේ) තුළ ගමන් කරනවිට තටු සමග එන්ජින් සමහරක් තිබෙන්නේ ධාවන පථයෙන් පිට තණකොළ තිබෙන ප්‍රදේශයේ ඉතින් ගුවන් තොටේ වැඩකරපු අපිට මේවා විශේෂ අත්හදා බැලීමක් මෙම ප්‍රදේශයේ හොඳින් වැවෙන තණකොළ විශේෂයක් පිඩලි ගෙනැවිත් ඇතිරීමට අප කටයුතු කරා මතකයි. දූවිලි ඇවිස්සීමෙන් අනතුරක් විය හැකි නිසා...
අපි ඉන්නේ ලංකාවේ සිඩ්නි, ෆ්‍රාන්ස්වල නොවේ.. අපේ ගුවන් තොටට විශාල යානා එන්නේ නැහැ.
A380 කියන්නේ ලෝකේ දැනට තියෙන එයා බස් සමාගම හැදුව විශාලම මගී ගුවන් යානය. තට්ටු දෙකකින් සමන්විත මෙය මගීන් 600 පමණ ගෙනයා හැකි යානයක්. අපි හුඟ දෙනෙක් ගමන් කරන්නේ , දැක ඇත්තේ කුඩා ගුවන් යානා නිසා මෙවැනි ගුවන් යානයක් ලංකාවට පැමිණීම ඉතාම වැදගත්.