(ළහිරු හර්ෂණ)
වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය.
බන්ධනාගාර නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කාර්යමණ්ඩලයේ පිරිසක් ඔවුන්ට සහය දැක්වීම සඳහා ඔවුන් අධිකරණයට රැගෙන එද්දී අධිකරණය භූමියේ රැදී සිටියහ.
එම අවස්ථාව ආවරණ කිරීමට එහි ගිය මාධ්‍යවේදීන්ට ද රැස්ව සිටි පිරිසගෙන් බාධා එල්ල විය.






COMMENTS
එහෙන් තිස් අවුරුදු කුරිරු යුද්දේ දිනන්න දිවිපරදුවට තබා සටන් මෙහෙයවල රට බේරා ගත්තු කොමදෝරු දසනායක ඇතුළු රණවිරුවෝ අත්අඩංගුවේ දුක් විඳිනවා. මෙහෙන් මත් ද්‍රව්‍ය වලින් රට බේරා ගන්න දිවිපරදුවට තබා කැප වීමෙන් අවංකව රාජකාරි කල පොලිස් නිලධාරීන් හිරේට යනවා. ඇත්තටම මේ රටේ මේ මොනවාද වෙන්න යන්නේ? මේ චෝදනා හරි ඒවාද?
රොහාන් ගේ කතාවෙන් තේරෙන්නේ එයා හරියටම නිතිය රකිනවා වගේ ?!!... අනේ අපි නොදන්නා චෙස්....!!!
තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න නොවේ ජාත්‍යන්තරෙන් එන ප්‍රශ්න. ඒවාට මුහුණ දීලා එන්නකෝ ජනතාව ගාවට.
ශිෂ්ට සම්පන්න නීති ගරුක රටවලනම් අදාළ නිලධාරීන් ඔවුනට පැවරුන අදාළ රාජකාරිය කරන විටෙක අන් පුද්ගලයන්ට අනවශ්‍ය ලෙස ඒවාට හොට දැමීමට හෝ කව්රුන් වෙනුවෙන්වත් සහය පලකරන්න කියා හෝ රංචු පිටින් පැමිණ රාජකාරී කරන නිලධාරීන්ට බාධා කරන්න ලැබෙන්නේ නැහැ ඇත්තටම කව්රුත් එහෙම කරන්නෙත් නැහැ. අපි ඒවා දකිනවා ඕනෑතරම්.. ලංකාවේ ඕනෙම කටයුත්තකදී ඊට අවශ්‍ය රාජකාරිය කරන්නට පෙළඹෙන්නේ ඊට සම්පුර්ණයෙන්ම පරිබාහිර වූ බලවේග වලිනි ..