කේ බුද්ධික කුමාරසිරි
රජයේ ‘එන්ටප්‍රයිස් ශී‍්‍ර ලංකා‘ වැඩසටහනට සමගාමීව විශේෂ ව්‍යාපෘතියක් ලෙස මිනිස් බල හා රැකියා කටයුතු දෙපාර්මේන්තුව මගින් රැකියා ලබා දෙන බව පවසා හෝමාගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක දී රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කළ බව කියන කාන්තාවන් තිදෙනෙකු අද (10) සවස සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
මිනිස්බල හා රැකියා කටයුතු අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වෙනුවට අත්සන් සිදු කළ ලිපියක් යොදා ගෙන හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිළදාරීන් පවා රවරටා අදාල රැකියා අයදුම්පත් බෙදා හැරීමට කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
මෙලෙස අයදුම්පත් ලැබුණු 400කට ආසන්න පිරිසක් අද(10) දින උදෑසන සිට අදාල විහාරස්තානයේ සම්මුඛ පරීක්ෂණ ශාලාව වෙත පැමිණ සිට ඇති බවත් එහිදී එක් රැකියා අපේක්ෂිතයෙකුගෙන් අයදුම් පත් ගාස්තුව ලෙස රුපියල් 300 ක මුදලක් හා සම්පූර්ණ කරන ලද අයදුම් පත‍්‍රය සමගින් රුපියල් 12500ක- මුදලක් ලබා ගන්නා බව එම තරුණ තරුනියන් දැනුම්වත් කර ඇති බවත් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
එම සම්මුඛ පරීක්ෂණ සිදු කළ විහාරස්තානයේ ශාලාවෙහි හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනු දැනුම මත ග‍්‍රාම නිලධාරීන් කිහිපදෙනෙකු ද සිට ඇති බවද ඒ සම්බන්ධයෙන් අදාල ග‍්‍රාම නිලදාරීන්ගෙන් ද ප‍්‍රකාශ සටහන් කර ගන්නා බවද පොලිසිය පවසයි.
කිරුළපන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සම්මුඛ පරීක්ෂණ සිදු කළ කාන්තාවන් තිදෙනාට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දෙන බව පවසා අදාල කටයුත්ත සදහා යොමු කර ඇති බවත් පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් අදාල ලිපි ශීර්ශ මිනිස් බල හා රැකියා කටයුතු දෙපාර්මේන්තුවේ නිළදාරීන් දෙදෙනෙකු පැමිණ හදුනා ගත් බවත් එම දෙපාර්මේන්තුවෙන් සොරකම් කරන ලද ලිපියක් යොදා ගනිමින් එකම යොමු අංකය යටතේ අදාල ලිපි සියල්ල නිකුත් කර ඇති බව එම නිළදාරීන් දැනුම් දුන් බවත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය බලයට ආවේ දුෂණ වංචා නැති කරන බවත්, පහුගිය රජයේ වැරදිකරුවන්ට දඬුවම් දෙන බවත් කියමින්... නමුත් කළදේ මොනවාද? දූෂිතයින් ආරක්ෂාකරමින්, හැම දෙයක්ම කල්මරමින්, මේ රජයත් ඒ දේම කළා. දැන් රට දූෂණවලින් පෝසත් වෙලා.
දැන් රට දූෂණවලින් පෝසත් වෙලා නෙමෙයි. දැන් රට දූෂණවලින් "ස්වයං පෝෂිත වෙලා"...