(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට පළ කළ වාර්තාවට අදාළව මුලාශ්‍ර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට නිල වශයෙන් ඉල්ලිමක් කර තිබේ.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පළවු වාර්තාවට අනුව නීතිමය හා දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවේ කෙරෙන කටයුතු සඳහා ඉහත තොරතුරු අතිශය වැදගත් බවද පසුපෙළ මන්ත්‍රීවරුන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට යොමු කළ ලිපියේ සඳහන් වේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඩොලර් බිලියන 7.6 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 112 ක් තරම් විශාල මුදලක් දිමට අදාළව තිබේන මුලාශ්‍ර ලබා දෙන්නේ නම් එවා ලබා ගැනිමට පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ඇමේරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණිය හැකි බවද යවන ලද ලිපියේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බව නිව්යෝර්ක් යන්න තරම්ව මෙච්චර උනන්දු වෙන මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීලා, ඇයි රට වැසියන්ට විශාල පාඩු සිදු කල සිංගප්පුරු මහේන්ද්‍රන්ව අල්ලන්න පොඩි උනන්දුවක් හරි දෙන්න නැත්තේ?
මේ මුන්ට ඇමෙරිකාවට යන්න ආසාව
මුලාශ්‍ර ගන්න නිව් යෝර්ක් යන්නේ කාගේ සල්ලි වලින්ද ? මහා බැංකුව හොරාකාපු මුලාශ්‍ර ලංකාවේ තියනවා එක ඉස්සෙල්ල අරගෙන හිටියොත් හොද නැද්ද?
පසුපෙළ මන්ත්‍රීලා විතරක් මොකද මේක ආණ්ඩුවෙන් කරගතයුතු දෙයක් - වෙන හොරකම් වලදී ජනාධිපති තුමා හරි අගමැති තුමා හරි බොරුවට වත් ප්‍රකාශ කරනවා හොරු අල්ලලා දඩුවම් දෙනවා කියලා නමුත් මේ හොරකමේදී වචනයක් වත් දෙන්නගෙන් එක්කෙනෙක් වත් කිවේ නැහැ - මොකක්දෝ ගෝනි සෙල්ලමක් තියෙනවා වගෙයි.